News

ඌව තැපැල් ඡන්ද විමසීම අද ඇරඹේ

ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (4 වැනිදා) රාජ්‍ය ආයතන රැසකදී ආරම්භ වෙයි.

ඌව තැපැල් ඡන්ද විමසීම අද ඇරඹේ



ඌව පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අද (4 වැනිදා) රාජ්‍ය ආයතන රැසකදී ආරම්භ වෙයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා රාජ්‍ය සේවකයන් 30657 දෙනෙක්‌ සුදුසුකම් ලබා තිබේ. ඉන් 19985 දෙනෙක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කය වෙනුවෙන්ද, 10672 දෙනෙක්‌ මොනරාගල දිස්‌ත්‍රික්‌කය වෙනුවෙන්ද ඡන්දය පාවිච්චි කරති.

තැපැල් ඡන්ද මධ්‍යස්‌ථානවල කටයුතු නිරීක්‍ෂණය සඳහා කොළඹින් විශේෂ නිලධාරීන් පිටත්කර ඇති අතර ඔවුන් අද සිට සිය රාජකාරි ආරම්භ කරනු ඇත.

කිසිදු ඡන්ද මධ්‍යස්‌ථානයකදී අපේක්‍ෂකයන්ගේ හෝ තරග කරන දේශපාලන පක්‍ෂවල ප්‍රචාරක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම, අත්පත්‍රිකා බෙදීම, බලපෑම් කිරීම සපුරා තහනම් බවත් මධ්‍යස්‌ථානය අවට ප්‍රචාරක කටයුතු සිදුකිරීම ද තහනම් බවත් මැතිවරණ කොමසාරිස්‌වරයා අදාළ නිලධාරීන්ට දැනුම් දී තිබේ.

අද දිනයේ තැපැල් ඡන්ද පාවිච්චි කිරීමට නොහැකි වන අයට හෙට (5 වැනිදා) දිනයේත් ඒ සඳහා ඉඩකඩ ලැබෙන බවත් එසේත් නොහැකි වූ අයට 11 වැනිදා ඡන්ද ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇති බවත් මැතිවරණ නිලධාරියෙක්‌ "දිවයින"ට පැවැසීය.

Source - www.divaina.com/2014/09/04/news11.html

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com