News

ඌවේ බලය හුවමාරුවෙයි

ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (14) දිවුරුම් දුන්නේය.

""ඌව  පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා අද (14) දිවුරුම් දුන්නේය.

පසුගියදා ජනපතිවරණය අවසන්වීමෙන් පසු එම පළාත් සභාව තුළ බල පෙරළියක් සිදුව තිබූ අතර ඒ අනුව කල ඉල්ලීමකට පසු නව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දුන්නේය.
 
‍පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ පැවති ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත් අතර ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා  මෙතෙක් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කලේය.
 
එම පළාත් සභාව තුළ මන්ත්‍රී ආසන 34 ක් පවතින අතර මේ වන විට එක්සත් ජාතික පක්ෂයට ආසන 17 ක්ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 15 ක්ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 2 ක්ද හිමිව ඇත.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com