මැතිවරණ නීතියද උල්ලංඝණය කරමින් සන්ධායට මැතිවරණ ප්‍රචාරයක්ද ලබාගනිම්න්, 2014 අය-වැය මඟින් පිරිවෙන් සදහා වෙන්කළ සහන සහ දිරිගැන්වීම් ප්‍රදානය කිරීම නිමිත්තෙන් දිවයිනේ සියලුම පරිවේණාධිපතිවරුන් සහ පිරිවෙන් ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් හා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී එක් අංගයක් වූයේ පිරිවෙන් සඳහා \'සීනුව\' බැගින් ප්‍රදානය කිරීමයි.
මේ දිනවල ප්‍රචාරක කටයුතු පැවැත්වෙන බස්නාහිර - දකුණු පළාතේ ඡන්දයට තරග වදින ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ වන්නේද \'සීනුව\' බැවින් ජනාධිපති ඉදිරියේ සීනුවට \'සීනුව\' කියා වේදිකාවේ සිට කියන්නට බිය වූ නිවේදකයා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට වේදිකාවට ආරධනා කළේ \'සිනු\' බෙදන්නට නොව \'බෙල්\' බෙදන්නටය.
ඒ අනුව ජනාධිපතිවරයා, අධ්‍යාපන ඇමතිවරයා ප්‍රමුඛ පිරිස භික්ෂුන් වහන්සේට බෙල් පූජා කෙළ අතර දිගින් දිගටම \'සීනුව\' යන්න නොකියන්නට නිවේදකයා දැඩිව වගබලාගෙන තිබුණේය.
භික්ෂූන් වහන්සේ අලංකාර රන් පැහැයෙන් යුත් \'සීනුව\' උත්සව සභාවට පෙන්වා වැඩම කළහ.
සමිබන්ධීකරණය මෙතැනින් - www.lankatruth.com/home/sinhala/index.php

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com