News

තැපැල් ඡන්ද දැමීම ඉතා ඉහළ මට්ටමක

බස්නාහිර-දකුණ පළාත් සභා තැපැල් ඡන්ද දැමීමේ ප්‍රමාණය 75%ක තරම් ප්‍රශස්ථ මට්ටමක පැවතුණු බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය. තැපැල් ඡන්දය පැවැති ඊයේ දිනයේ ප්‍රචණ්ඩ ක

තැපැල් ඡන්ද දැමීම ඉතා ඉහළ මට්ටමක

අනුර ප්‍රේමලාල් සහ නිරූෂි විමලවීර

බස්නාහිර-දකුණ පළාත් සභා තැපැල් ඡන්ද දැමීමේ ප්‍රමාණය 75%ක තරම් ප්‍රශස්ථ මට්ටමක පැවතුණු බව පැෆරල් සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවැසීය.  තැපැල් ඡන්දය පැවැති ඊයේ දිනයේ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවූ බවත්, සමස්තයක් ලෙස සාමකාමීව තැපැල් ඡන්දය පැවැති බවත් හෙතෙම සඳහන් කළේය.

අපේක්ෂකයන් තුන්දහස්හත්සිය අනුහතරදෙනෙක් මන්ත්‍රී ආසන එකසිය පනස් නවයක් වෙනුවෙන් තරග කරන මෙම මැතිවරණයේ සුළුසුළු සිද්ධීන් හැරුණු විට ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් වාර්තා නොවුන බව ද ඒ මහතා පැවැසීය.

මැතිවරණ කටයුතු සඳහා මැතිවරණ නිලධාරින්ගේ සහභාගිත්වය ඉතා ඉහළ මට්ටමක පැවැති බව පැවැසු ඒ මහතා එක්සත් ජාතික පක්ෂ ඡන්ද පොළ නියෝජිතයන්ගේ පැමීණීම ඉතා අඩුමට්ටමක පැවැති බවත් අනාවරණය කළේය.

තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල ඡායාරූප ගැනීම, වීඩියෝ කිරීම, ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන් තහනම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහාතා අවධාරණය කළේය.

අනවසරයෙන් යම් ඡායාරූපයක් හෝ දර්ශනයක් ලබාගෙන ඇත්නම් එය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ විකාශය කිරීමෙන් වළකින ලෙස කොමසාරිස්වරයා සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලුවේය.

තැපැල් ඡන්දය පැවැත්වෙන ආයතනවල සේවයේ නියුතු කිසිවකුට ඡන්ද නිරික්ෂණය කිරීම හෝ නියෝජිතයෝ ලෙස ක්‍රියාකිරීමට අවසර නොලැබෙන බව ඒ මහතා වැඩිදුරටත් කීය.

 

සමිබන්ධකය මෙතැනින් - www.dinamina.lk/2014/03/14/_art.asp

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com