දකුණු සහ බස්නාහිර පළාත් සභා මැතිවරණයේ තැපැල් ඡන්ද විමසිම බ්‍රහස්පතින්දා (13) සහ සිකුරාදා (14) යන දින දෙක තුළදි දිස්ත්‍රික්ක හයකදි පැවැත්විමට නියමිතය. මෙවර තැපැල් ඡන්දය භාවිතා කිරිම සඳහා රාජ්‍ය සේවකයන් එක්ලක්ෂ දොළොස් දහස් තුන්සිය විසි එක් දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙසයොදා ගන්නා රාජ්‍ය ආයතන 4253දී ඡන්ද විමසිම පැවැත්විමට නියමිතය.
කොළඹ දිස්ත්‍රික්කයේ 14374 ක්ද,ගම්පහ දිස්ත්‍රික්කයේ 26031 ක්ද,කළුතර දිස්ත්‍රික්කයේ 18866 ක්ද,ගාල්ල දිස්ත්‍රික්කයේ 24039 ක්ද,මාතර දිස්ත්‍රික්කයේ 16571 ක්ද,හම්බන්තොට දිස්ත්‍රික්කයේ 12449 ක්ද තැපැල් ඡන්දය දැමිමට සුදුසුකම් ලබා සිටිති.
තැපැල් ඡන්දයේදි කලබල ඇති වෙතැයි සැක කරන ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව වැඩි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා වෙත දැනුම් දි ඇත. මහරගම,කැස්බෑව සහ කඩුවෙල යන මැතිවරණ කොට්ඨාශ තුනෙහි ආරක්ෂාව වැඩි කරන ලෙස උපදෙස් දි තිබේ.
සමිබන්ධකය මෙතැනින් - www.lakbima.lk/index.php

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com