News

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඉවත් කළ යුතුයි | එ.ජා.ප

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වහා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි.

 

""පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා වහා එම තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂය අවධාරණය කරයි. සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් එම පියවර ගත යුතු බව නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පෙන්වාදෙයි.

පසුගිය කාලයේ ඇති වු සිද්ධීන් රැසකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන් අජිත් රෝහණ මහතා සිය තනතුරේ සීමාවන් උල්ලංඝණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ ඇතැම් සිද්ධීන් පිළිබඳ පරීක්ෂණ ආරම්භ කිරීමටත් පෙර ආණ්ඩුවට පක්ෂපාති වන අයුරින් සහ සිද්ධිය පිළිබද අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ඔහු මාධ්‍ය ඔස්සේ විවෘත ප්‍රකාශ නිකුත් කර ඇති බවයි.

වලස්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන කාලය තුළ පුද්ගලයෙකු කෲර වධ හිංසනයට ලක් කිරීම සම්බන්ධයෙන් අජිත් රෝහණ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවෙකු වී ඇති බවද එක්සත් ජාතික පක්ෂය අදාළ නිවේදනයේ සඳහන් කර තිබෙනවා. එවැනි පුද්ගලයෙකු නීතිඥ වෘත්තියට පත්වීම සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් දක්වා පැමිණිම ප්‍රශ්න සහගත බව එක්සත් ජාතික පක්ෂය පෙන්වාදෙනවා.

අජිත් රෝහණ මහතාගේ ක්‍රියාකාරිත්වය පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්තියට මහත් කැළලක් බව ද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com