බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මාර්තු 04 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඡන්ද පත්‍රිකා බෙදා හැරීම මාර්තු 4 වැනිදා අරඹයි
චමින්ද සිල්වා
බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මාර්තු 04 වැනිදා ආරම්භ කරන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
මේ වන විටත් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමාසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ඊයේ (18 වැනිදා) පැවසීය. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මාර්තු 21 වැනිදා තෙක් බෙදාහරින අතර මාර්තු 16 වැනිදා ඉරිදා දිනයද විශේෂ බෙදාහැරීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතැයි හෙතෙම කීය. රාජ්‍ය නිලධාරීන්ගේ තැපැල් ඡන්ද විමසීම මාර්තු 13 සහ 14 දිනවල සිදු කෙරෙන අතර එය මගහැරෙන නිලධාරීන්ට මාර්තු 20 වැනිදා කාර්යාල වේලාව තුළදී ඡන්දය සලකුණු කළ හැකි බවද හෙතෙම පැවසීය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com