News

පැෆරල් නඩු දමයි

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී දිගින් දිගටම නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.

පැෆරල් නඩු දමයි

චමින්ද සිල්වා

බස්‌නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයේදී දිගින් දිගටම නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.

මේ වන විට ඊට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයන්ගේ නාම ලේඛනයක්‌ සකස්‌ කරමින් සිටින බව එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා ඊයේ (18 වැනිදා) පැවසීය.

පැෆරල් සංවිධානයට ඊයේ (18 වැනිදා) වන විට පැමිණිලි 67 ක්‌ ලැබී තිබෙන බව කී හෙතෙම එයින් බරපතලම සිදුවීම ලෙස බෙලිඅත්ත ප්‍රදේශයේ පක්‍ෂ කාර්යාලයකට වෙඩි තැබීම බවද කීය.

මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බෙලිඅත්ත ඇතුළු දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇතැයි පැවසූ හෙතෙම ඉන් වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය කරන අපේක්‍ෂකයා පිළිබඳව මේ දිනවල තම සංවිධානය නිරීක්‍ෂණය කරමින් සිටින බවද වැඩිදුරටත් කීය.

 

සමිබන්ධකය මෙතැනින් - www.divaina.com/2014/02/19/news10.html

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com