බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තැපැල් ඡන්ද දායකයන් 1,26,796 දෙනකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
බස්නාහිර සහ දකුණු පළාත් සභා සඳහා තැපැල් ඡන්ද දායකයන් 1,26,796 දෙනකු සුදුසුකම් ලබා ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය නිවේදනය කරයි.
මින් බස්නාහිර පළාත් සභාව සඳහා 63,837 දෙනකු ද දකුණු පළාත් සභාව සඳහා තැපැල් ඡන්දදායකයන් 62,962 ද, සුදුසුකම් ලබා ඇති බව නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඩ් මහතා ප්‍රකාශ කරයි.
ෙමම ඡන්ද හිමි නාම ලේඛනයන් අදාළ පළාතට අයත් දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලට යොමු කෙරෙන අතර, එහිදී නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් එය පෙබරවාරි 24 දින සහතික කරනු ලබයි.
එම ඡන්ද පත්‍රිකා පෙබරවාරි 28 දින රක්ෂණ තැපෑලෙන් අදාළ තැපැල් කාර්යාලය වෙත යොමු කරන අතර, මාර්තු 13/ 14 දිනවල ඡන්දදායකයින්ට තම ආයතනවලදී තැපැල් ඡන්දය ප්‍රකාශ කළ හැකිවන බව ද මොහොමඩ් මහතා පැවසීය.
එදිනට ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඡන්දදායකයන්ට මාර්තු 20 දින එම තැපැල් කාර්යාලවලට ගොස් ඡන්දය ප්‍රකාශ කළ හැකි බව ද මොහොමඩ් මහතා පැවසීය.
සමිබන්ධකය මෙතනින් - www.dinamina.lk/2014/02/19/_art.asp

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com