News

ආගමික සංකේත, ජාතික ධජය, ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට තහනම්.

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත, ජාතික ධජය ආදිය භාවිතා කිරීම සිදු නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා.

ආගමික සංකේත, ජාතික ධජය, ඡන්ද ප‍්‍රචාරක කටයුතුවලට තහනම්.
Wednesday, 12 February 2014 - 7:54
""

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික සංකේත, ජාතික ධජය ආදිය භාවිතා කිරීම සිදු නොකළ යුතු බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය පවසනවා. හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ආරක්ෂක අංශ නිල ඇඳුම්ද මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා භාවිතා කිරීම තහනම් බවයි. එසේම ආගමික ශාස්තෘවරුන්ගේ ඡායාරූප, දේශපාලන පක්ෂ නායකයින්ගේ ඡායාරූප සහ හමුදා සංකේත ද නීතිවිරෝධී ප‍්‍රචාරක කටයුතු සදහා යොදා ගැනීම තහනම් බව මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළා.

මේ අතර, නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එම සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පළාත් සභා මැතිවරණයට අදාළව රාජ්‍ය නිලධාරීන් දේශපාලන කටයුතුවල යෙදෙන්නේ නම් ඔවුන් පිළිබඳ තොරතුරු අසාදු ලේඛනයකට  ඇතුළත් කිරීමට පියවර ගතයුතු බවයි.

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය හමුවීමට තමන්ද බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප‍්‍රකාශ කළා. ඔහු කියා සිටියේ පෞද්ගලික බස් රථවල බලහත්කාරයෙන් සිදුකරන මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පිළිබඳව සිදුකළ පැමිණිල්ලට කොමසාරිස්වරයා යහපත් ප‍්‍රතිචාරයක් දක්වා ඇති බවයි.

www.hirunews.lk/sinhala/77190

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com