ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (17 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඌව ඡන්ද ප්‍රචාරක කටයුතු හෙට රාත්‍රියෙන් අවසන්
රනිල් ධර්මසේන, අකිත පෙරේරා
ඌව පළාත් සභා මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු හෙට (17 වැනිදා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.
ඒ අනුව ප්‍රධාන පක්‍ෂ තුන ඇතුළු අනෙකුත් පක්‍ෂ මෙන්ම ස්‌වාධීන කණ්‌ඩායම්ද හෙට සවස ඔවුන්ගේ අවසන් මහරැලි පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ඇත.
එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් ජන රැලි දෙකක් හෙට මහියංගනයේදී සහ වැල්ලවායේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ සන්ධාන නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්‌සත් ජාතික පක්‍ෂය හෙට වැල්ලවාය සහ මොනරාගලදී ප්‍රධාන ජනරැලි දෙකක් පවත්වා අනතුරුව සවස 4.00 ට බදුල්ලේ පිහිටි විල්ස්‌පාර්ක් ක්‍රීඩාංගණයේදී සිය අවසන් ප්‍රචාරක රැලිය පවත්වයි.
ජනතා විමුක්‌ති පෙරමුණේ අවසන් මහ රැලිය ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට මොනරාගලදී පැවැත්වේ.
ඌව මැතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා (20 වැනිදා) පෙරවරු 7.00 සිට පස්‌වරු. 4.00 දක්‌වා පැවැත්වේ.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com