News

නීතිය, පරමාධිපත්‍ය හා හෘද සාක්ෂියට ඉහළින් කිසිවකුට හෝ බලපෑම් කල නොහැකියි - මැතිවරණ කොමසාරිස්

ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේදී ප්‍රමාදයක් සිදුවූයේ කිසිවකුගේ බලපෑමක් නිසා නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

""ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමේදී ප්‍රමාදයක් සිදුවූයේ කිසිවකුගේ බලපෑමක් නිසා නොවන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 
මැතිවරණ කොමසාරිස්වරයා පසුගියදා පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් පෙන්වාදුන්නේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කෙරෙමින් පැවතියදී තමාට කිසිවකු හෝ බලපෑම් නොකල බවයි.
 
එමෙන්ම පසුගියදා හදිසි අනතුරකින් මියගිය පොලිස් නිලධාරියා රිවෝල්වරයක්ද අතැතිව තමා අසලම රාජකාරියෙහි නිරතව සිටි බවත් නීතිය, පරමාධිපත්‍ය හා හෘද සාක්ෂියට ඉහළින් කිසිවකුට හෝ බලපෑම් කල නොහැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.
 
කොළඹ ඡන්දය ගණන් කිරීම් සිදුකල ඩී.එස් සේනානායක හා රාජකීය විද්‍යාලවලට හමුදාභට පිරිස් ඇතුළුවීමට උත්සාහ කලේදැයි යනුවෙන් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වාදුන්නේ අවශ්‍ය ආරක්ෂාවට පිටින් කිසිවකු ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඇතුළුවීමට උත්සාය නොකල බවයි.
 
එමෙන්ම මෙවර පසුගිය 2010 වසරේ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කල එම වසරේ ජනවාරි 27 වන දින හැරෙන්නට වෙනත් දිනක හිටපු ආරක්ෂක ලේකම්වරයා සිය කාර්යාලයට පැමිණ නැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද ඡන්ද ප්‍රතිඵලවලට කිසිදු බලපෑමක් එල්ල නොකල බවද මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com