පැෆ්රල් සංවිධානයේ යෝජනාවට කැබිනට් අනුමැතිය
පසුගිය ජනාධිපතිවරණයේදී සියලුම නිරීක්ෂණ සංවිධාන වෙත ලැබුණු පැමිණිලි සියල්ල ඒකරාශීකොට විභාග කිරීම සඳහා විධිමත් බලයක් සහිත කමිටුවක් පත්කරන ලෙසට ඉල්ලා පැෆ්රල් සංවිධානය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමුකල ලිපියට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
ඒ අනුව මේ වන විට ඊට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (09) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඇතුලු පාර්ශව කිහිපයකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
අදාල ලිපිය පහතින් දැක්වේ.

