News

එක්සත්ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.

""නිදහස් හා සාමකාමී පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් මහතා සිය ප්‍රසාදය පලකොට ඇත.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වෘදී ඇත්තේ ව්‍යවස්ථානුකූලව බලතල හුවමාරු කිරීම සම්බන්ධයෙන්ද තමා ප්‍රසාදස පලකරන බවයි.
 
බෑන් කී මූන් මහතා නිකුත්කොට ඇති නිවේදනය මගින් තවදුරටත් දක්වා ඇත්තේ විශ්වාසදායී හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම උදෙසා මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු නිලධෘරීන්ගේ වෘත්තීමයභෘවය පිළිබඳවද ප්‍රජාතන්ත්‍රවාදීව ධූරයෙන් නික්ම ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද සිය ස්තූතිය පලකරන බවයි.
 
තවද නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන තන්ත්‍රය යටතේ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දක්වා ඇත.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com