News

ඇමරිකානු ජනපතිවරයාගෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

සාර්ථක හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

""සාර්ථක හා සාමකාමී ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අගය කරන බව ඇමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ පරාජයවීමෙන් පසු ඉවත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අප්‍රමාදව හා ක්‍රමානුකූලව බලය හැරයමින් මනා ආදර්ශයක් සැපයූ බවයි.
 
ඇමරිකානු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ ලෝකය පුරා ප්‍රජාතන්ත්‍රවාදයට සහයෝගය දක්වන සියලු දෙනාගේ බලාපොරොත්තුවල සංඛේතයක් ලෙස ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය දැක්විය හැකි බවයි.
 
එමෙන්ම මෙම බලාපොරොත්තුවේ නිමේෂයේදී එක්සත් ජනපදය ශ්‍රී ලංකාව හා එහි පාලකයන් සමග සම්බන්ධතාවයන් තවදුරටත් වර්ධනය කරගන්නා බවත් නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ශ්‍රී ලාංකිකයින්ට සාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදයෙන් සවිමත්ව කටයුතු කිරීමට හැකිවනු ඇති බවට විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com