මැතිවරණ කාලසීමාවේ සිද්ධීන් 150 ක්
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අද (08) දිනයේ පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා කාලයේදී පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 150 කි.
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වුණු අද (08) දිනයේ පෙ.ව 7.00 සිට ප.ව 4.00 දක්වා කාලයේදී පැෆ්රල් සංවිධානය වෙත වාර්තාවූ පැමිණිලි සංඛ්‍යාව 150 කි.
ඒ අතරින් වැඩිම සිද්ධි සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ අතර එම සිද්ධි සංඛ්‍යාව 18 කි.
මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 15 ක්ද අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 12 ක්ද මාතර දිස්ත්‍රික්කයෙන් සිද්ධි 10 ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් සිද්ධි 10 ක්ද යාපනය දිස්ත්‍රික්කයෙන් සිද්ධි 8 ක්ද වාර්තාවී තිබූ අතර බදුල්ල ගාල්ල - 9, කළුතර - 8, පුත්තලම- 9 කොළඹ - 9, බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්ක වලින් සිද්ධි 4 බැගින්ද වන්නි - 2 මඩකලපුව - 2, හම්බන්තොට - 2, අම්පාර - 3 කෑගල්ල - 3 මාතලේ හා පොළොන්නරුව දිස්ත්‍රික්කවලින් සිද්ධි 1 බැගින්ද වාර්තාවී තිබුනි.