News

ආගමික කටයුතු හෝ සංගීත ප්‍රසංග මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු බෑ

සංගීත ප්‍රසංග හෝ ආගමික කටයුතු මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කල නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

""සංගීත ප්‍රසංග හෝ ආගමික කටයුතු මුවාවෙන් ඡන්ද ප්‍රචාරක කටයුතු කල නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

 
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසූයේ මැතිවරණය පවත්වා ප්‍රතිඵල නිකුත්කොට අවසන් වන තෙක් සංගීත ප්‍රසංග පැවැත්වීමට ඉඩ ලබා නොදෙන ලෙසට පොලිස්පතිවරයා දැනුවත් කරන බවයි.
 
එමෙන්ම කිසියම් පක්ෂයක අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය සඳහා ඉඩ නොදෙන ලෙසටද මැතිවරණ කොමසාරිස්වරයා පූජ්‍ය පුජක තුමන්ලාගෙන් ඉල්ලා ඇති අතර උන්වහන්සේලා ඊට ඉඩ ලබානොදෙනු ඇති බවට විශ්වාස කරන බවයි මැතිවරණ කොමසාරිස්තුමා සඳහන්කොට ඇත්තේ.
 
ඊයේ කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ අද (06) හා (07) යන නිහඬ කාලයක් වශයෙන් සලකා අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන ආකාරයේ සාකච්ඡාවක්, චිත්‍රපටයක්, දැන්වීමක් හෝ කාටූනයක් පලනොකරන ලෙසට මාධ්‍යය වෙතද දන්වා සිටින බවයි.
 
ඡන්දය ඡන්දදායකයාගේ අයිතිය බවත් ඡන්ද විමසීම සිදුකරන 08 වන දින උදෑසනම ඡන්දපොලට ගොස් ඡන්දය භාවිත කරන ලෙසත් මැතිවරණ කොමසාරිස්වරයා එහිදී පැවසීය.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com