News

ආරක්ෂාව පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැහැ - මැතිවරණ කොමසාරිස්

ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

""ජනපතිවරණය අවසන්වීමෙන් පසු රටේ ආරක්ෂාව නිසි පරිදි පවත්වාගෙන යන බවට පොලිස්පතිවරයා සහතිකවී ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසා ඇත.

අද (04) ජාතික පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් මැතිවරණ කොමසාරිස්වරයා පවසා ඇත්තේ ජනපතිවරණ දිනයේ කලබල ඇතිවේ යැයි ඡන්දදායකයින් අනිසි බියක් ඇතිකර නොගත යුතු බවයි.
 
එදින හා ඉන්පසුව සියලු ආරක්ෂක කටයුතු පොලීසිය විසින් සිදුකරන බවත් බියෙන් සැකයෙන් තොරව ඡන්දදායකයින්ට සිය ඡන්ද මධ්‍යස්ථාන කරා ගොස් ඡන්දය භාවිත කල හැකි බවයි මැතිවරණ කොමසාරිස්වරයා දක්වා ඇත්තේ.
 
එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ  ජනාධිපතිවරණ පනතේ විධිවිධාන අනුව තමා විසින් අවසර ලබාදී ඇති පුද්ගලයින් හැරෙන්නට අනවසරයෙන් පැමිණෙන ඕනෑම පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසියට උපදෙස් ලබාදී ඇති බවයි.
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com