සිල් රෙදි බෙදාදීම මැතිවරණ කොමසාරිස්තුමාගේ අණින් නවතී
මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.
මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟවැද සිටින ප්‍රධාන අපේක්ෂකයෙකුගේ නම සඳහන් සිල් රෙදි තොගයක් බෙදාහැරීම මැතිවරණය අවසන් වන තෙක් නවතාදමන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පොලීසියට නියෝග කර ඇත.
මාධ්‍යය වාර්තා පෙන්වාදෙන්නේ ආනමඩුව ශ්‍රී ආනන්දාරාමය, පරමාකන්ද රාජමහා විහාරය හා ආනමඩුව වඩවත්ත ශ්‍රී සරණංකර පිරිවෙණ යන විහාරස්ථානවල ගොඩගසා තිබූ එම සිල් රෙදි තොගය සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිල්ලක් ලැබී තිබූ බවයි.
ඒ අනුව පොලීසිය විසින් සිදුකල සොයාබැලීමකදී මෙම සිල් රෙදි තොගය සොයාගෙන ඇත.