කොළඹ නගර සීමා බල ප්‍ර‘දේශය පුරා පවතින සියලුම මැතිවරණ ප්‍රචාරක පුවරු ඇතුළු පෝස්ටර් දෙසැම්බර් මස 07 වෙනිදා සිට ඉවත් කිරීමට තමන් නියෝග ලබා දී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපති එම්.ජේ. මුසම්මිල්
කොළඹ කටවුට් ඉවත් කිරීමට නගරාධිපතිගෙන් නියෝග
කොළඹ නගර සීමා බල ප්‍ර‘දේශය පුරා පවතින සියලුම මැතිවරණ ප්‍රචාරක පුවරු ඇතුළු පෝස්ටර් දෙසැම්බර් මස 07 වෙනිදා සිට ඉවත් කිරීමට තමන් නියෝග ලබා දී ඇතැයි කොළඹ මහනගර සභාවේ නගරාධිපති එම්.ජේ. මුසම්මිල් මහතා \'අද\'ට පැවසුවේය.
ජනාධිපතිවරණය ප්‍රකාශවීමට පෙර පොලිස් පරිසර ඒකකය නිසි පරිදි රාජකාරි සිදුකළද ජනාධිපතිවරණය ප්‍රකාශ කිරීමෙන් පසුව පොලිස් පරිසර ඒකකය එම වගකීමෙන් මිදීම කනගාටුවට කරුණක් බව පැවසූ නගරාධිපතිවරයා පෝස්ටර් කටවුට් පිළිබඳ වගකීම තම නගර සභාවට පමණක් අයත් නොවන බව පැවසීය.
මැතිවරණ මහලේකම් කාර්යාල විමසීමට අනුව තමන් කොළඹ නාගරික කොමසාරිස්වරියගෙන් අදාළ කටවුට් සඳහා කොළඹ මහනගර සභාවට මුදල් ගෙවීමක් සිදුකර ඇත්දැයි විමසුවද, මේ දක්වා හරි තොරතුරක් තමන්ට ලැබී නැතැයිද ඒ මහතා සඳහන් කරයි.
කොළඹ ප්‍ර‘දේශයෙන් බැහැරව සිටීම හේතුවෙන් ඊයේ (04දා) පස්වරු වනතෙක් ශ්‍රී ලංකා නීතිඥ සංගමය තමා වෙත යොමුකළ එන්තරවාසිය ලැබී නැතැයි පැවසූ ඒ මහතා එය තමන් වෙත ලැබුණු වහාම ඒ පිළිබඳ ප්‍රතිචාර දක්වන බවද සඳහන් කළේය.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com