ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය අද මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් වනවා.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අදින් අවසන්
ජනවාරි මස 08 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන්ගේ අයදුම්පත් භාරගැනීමේ කාලය අද මධ්‍යම රාත‍්‍රීයෙන් අවසන් වනවා.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කළේ කිසිඳු හේතුවක් මත තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ නොකරන බවයි. තැපෑලෙන් ඡන්දය භාවිත කිරීම සඳහා සුදුසුකම් ලැබුවන් සිය අයදුම්පත නියමිත පරිදි සම්පූර්ණ කර අදාල සහතික කිරීමේ නිලධාරියා වෙත භාරදිය යුතුයි. එම අයදුම්පත් තමන් වෙත ලැබුණු වහාම ඒවා සහතික කර අදාල මැතිවරණ කොට්ඨාශයේ තේරීම්භාර නිලධාරිවරයා වෙත යැවීමට සහතික කිරීමේ නිලධාරීන් පියවර ගත යුතු බවයි මැතිවරණ කොමසාරිස්වරයා ප‍්‍රකාශ කළේ.
අද මධ්‍යම රාත‍්‍රීයෙන් පසුව තේරීම්භාර නිලධාරීන් වෙතින් හෝ තැපැල් මගින් ලැබෙන අයදුම්පත් භාරනොගන්නා බවත් ඒවා ප‍්‍රමාද අයදුම්පත් වශයෙන් සලකා ප‍්‍රතික්ෂේප කරන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කළා.
- See more at: nethfm.com/article/47170

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com