News

හලාවත නගර සභාවේ සේවකයින් හා වාහන මැතිවරණ ප්‍රචාරණයේ

හලාවත නගර සභාවට අනුයුක්තව සිටින සේවකයින් පිරිසක් සහ වාහන මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව වාර්තාවේ.

හලාවත නගර සභාවට අනුයුක්තව සිටින සේවකයින් පිරිසක් සහ වාහන මෙවර ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදවා ඇති බව වාර්තාවේ.

 
හලාවත නගර සභා සභාපති නීතීඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතාගේ නිවසට යාබදව පසුගියදා පිහිටවූ එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය පිහිටුවීමට පෙර එහි ආරම්භක උත්සවයට සියලූ සැරසිලි කිරීම සඳහා යොදවාගෙන ඇත්තේ මෙම සේවක පිරිස හා වාහන බවයි වාර්තාවන්නේ.
 
මේ අතර පසුගිය මස 28 වන දින පස්වරුවේදී නගර සභා සේවකයින් සහ ට්‍රැක්ටර් යොදාගෙන නගරයේ ප්‍රධාන මංසන්ධිය නිල් කොඩි සහිත ගැල්වනයිස් බට සිටුවා අලංකාර කර ඇති අතර එම ගැල්වනයිස් බට ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය මගින් ලබාදී ඇති බවයි වාර්තාවන්නේ.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com