News

පැෆ්රල් සංවිධානයෙන් පළාත් පාලන අමාත්‍යවරයාට ලිපියක්

මහනගර සභා, නගර සභා ප‍්‍රාදේශිය සභා ආඥාපනත් සංශෝධනයට අදාල පනත් කෙටුම්පත ගරු කථානායක තුමන්ගේ අත්සන යෙදූ වහාම සංශෝධනයට අදාල ගැසට් පත‍්‍රයේ දළ සැකැස්ම මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරී

""මහනගර සභා, නගර සභා ප‍්‍රාදේශිය සභා ආඥාපනත් සංශෝධනයට අදාල පනත් කෙටුම්පත ගරු කථානායක තුමන්ගේ අත්සන යෙදූ වහාම සංශෝධනයට අදාල ගැසට් පත‍්‍රයේ දළ සැකැස්ම මැතිවරණ කොමිෂන් සභාවේ අවධානයට යොමු කිරීම පිළිබඳව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බව පැෆ්රල් සංවිධානය පවසයි.

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත ලිපියක් යොමුකරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ එසේ වුවත් මැතිවරණ කොමිෂන් සභාවට මැතිවරණය ප‍්‍රකාශයට පත් කිරීමේ හැකියාව ලැබෙනුයේ විෂය භාර අමාත්‍යවරයා වශයෙන්  ඒ ඒ පළාත් පාලන ආයතන වල සභික ධුර ප‍්‍රමාණ නිශ්චිත කරමින් සංස්ථාපන ගැසට් පත‍්‍රය ප‍්‍රකාශ කිරීමෙන් අනතුරුව බවයි.
 
එබැවින් පළාත් පාලන මැතිවරණයට අදාල අවසන් බාධකයද ඉවත් කරමින් සංස්ථාපන ගැසට් පත‍්‍රය මෙම සතිය තුළ නිකුත් කර මේ රටේ මිලියන 15 පමණ වන ඡන්ද දායකයන්ට තම පළාත් පාලන නියෝජිතයන් තෝරා ගැනීමට ඉඩකඩ සලසන ලෙසයි පැෆ්රල් සංවිධානය පෙන්වාදී ඇත්තේ.
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com