News

පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ අගමුල මුල වත් දන්නවා වෙන්න බෑ - රෝහණ හෙට්ටිආරච්චි මහතා

වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

""වසර දෙකක කාලයකට වඩා වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය ප්‍රමාදවීම සම්බන්ධයෙන් වගකිවයුත්තේ පැවති ආණ්ඩුවද පවතින ආණ්ඩුවද යන්න සම්බන්ධයෙන් තර්ක කිරීම ඵලක් නොවන බව පැෆ්රල් සංවිධානය පවසයි.

අද කොළඹ සාමාජයීය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මැතිවරණ නිරීක්ෂණ සංවිධානයන්හි ඒකාබද්ධ මාධ්‍යය හමුවට එක්වෙමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පෙන්වාදුන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය භාවිත කිරීමට පාලකයින් ඉඩ අහුරවමින් සිටින බවයි.
 
පළාත් පාලන මැතිවරණ වසර දෙකකට අධීක කාලයක් මුලුල්ලේ  රට තුළ පැවැත්වී නොමැති බවත් මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතාව අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් ඡන්දය භාවිතකොට ඇත්තේ 2008 වසරේදී බවත් පෙන්වාදුන්නේ විධායක අධ්‍යක්ෂතුමා වැඩිදුරටත් පෙන්වාදුන්නේ පුදුකුඩුඉරිප්පු  ප්‍රදේශයේ ජනතාව අවසන් වරට පළාත් පාලන මැතිවරණයක් වෙනුවෙන් ඡන්දය භාවිත කොට ඇත්තේ 1970 දශකයේදී බවයි.
 
කෙසේ වෙතත් පළාත් පාලන මැතිවරණයක් අපේක්ෂාවෙන් රටේ පුරවැසියන් සිටින මොහොතක සීමානිර්ණ කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් පුරවැසියන් 6 දෙනෙකු පෙත්සම් ගොනුකිරීම අසාමාන්‍ය බවත් එම වාර්තාව නිකුත් වී මාස 9 ක් ඉක්මවී මැතිවරණයක් අභියස මෙවැනි පෙත්සමක් ගොනුකිරීම තුළින් පැහැදිලි සැකයක් මතුවන බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.
 
ඕනෑම පුරවැසියෙකු තමන් අසාධාරණයකට පත්වන අවස්ථාවකදී ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් නීතියේ පිහිට පැතීමේ වරදක් නොමැති බවත් පෙත්සම ගොනුකල පුරවැසියන් 6 දෙනාගේ අයිතිය සම්බන්ධයෙන් කිසිසේත් අභියෝගයට ලක්නොකරන බවත් සීමානිර්ණ කොමිසම විසින් දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් ජනතාවගේ මත විමසන අවස්ථාවේදී ඔවුන් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේද යන්න සම්බන්ධයෙන් දැනගැනීමට ජනතාව මහත් උනන්දුවකින් පසුවන බවත් ඔහු වැඩිදුරටත් එහිදී සඳහන්කොට සිටියේය.
 
එමෙන්ම මෙම පෙත්සම්කරුවන් සයදෙනා සැබැවින්ම ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටින අයනම් ඔවුන්ට මාධ්‍යය හමුවේ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලැබිය යුතු බවත් මාධ්‍යය ඉදිරියට විත් කරුණු පවසන ලෙසට ඔවුන්ට ආරාධනා කරන බවත් හෙට්ටිආරච්චි මහතා එහිදී පැවසීය.
 
තවද පැෆ්රල් සංවිධානය ප්‍රමුඛ නිරීක්ෂණ සංවිධානවල විශ්වාසය වන්නේ මෙම පෙත්සම්කරුවන් සීමානිර්ණ වාර්තාවේ දිග පළල සම්බන්ධයෙන් හෝ අවබෝධයක් නැති අය බවට විශ්වාස කරන බවත් දේශපාලනික අරමුණක් මත මෙය සිදුවන බවට විශ්වාස කරන බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.
 
එමෙන්ම මෙම පෙත්සම්කරුන් ඔවුන්ට සිදුව ඇති අසාධාරණය රට හමුවේ ප්‍රකාශකොට පැහැදිලි කල හැකි නම් ඔවුන්ට සීමානිර්ණ කොමිසමෙන් සිදුවූ අගතිය පෙන්වාදිය හැකි නම් පැෆ්රල් සංවිධානයද ඔවුන් වෙනුවෙන් පෙනීසිටීමට පසුබට නොවන බවයි විධායක අධ්‍යක්ෂතුමා සඳහන්කොට සිටියේ. 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com