News

දේශපාලන පක්ෂ නියෝජිතවරියන් වෙනුවෙන් තවත් වැඩමුලුවක් මාතරදී

පළාත් පාලන ඡන්දය සඳහා තරඟවැදීමට අපේක්ෂිත කාන්තාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගිය 12 හා 12 දෙදින මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වින.

""පළාත් පාලන ඡන්දය සඳහා තරඟවැදීමට අපේක්ෂිත කාන්තාවන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුලුවක් පසුගිය 12 හා 12 දෙදින මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පැවැත්වින.

මෙම වැඩමුලුව සඳහා එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් නියෝජිතවරියන් සහභාගීව සිටියහ.
 
මෙම වැඩමුලුවේදී පළාත් පාලන ක්‍රමයේ විකාශය, වත්මන් පළාත් පාලන ආයතන ව්‍යුහය, සභික වගකීම හා පළාත් පාලන ආයතන කාර්යභාරය, ප්‍රාදේශීය සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම, නව පළාත් පාලන මැතිවරණ පනත, කාන්තා දේශපාලනය සඳහා වන බාධාවන් සඳහා විසඳුම්‍, පිරිසිඳු දේශපාලන සඳහා කාන්තා දායකත්වය යන අංශ සම්බන්ධයෙන් එම නියෝජිතවරියන් දැනුවත් කෙරින.
 
වැඩමුලුව සඳහා සහභාගීවූ නියෝජිතවරියන් පක්ෂ භේදයකින් තොරව ඔවුන්ට මතුවන ගැටලුවලදී  සාමූහිකව කටයුතු කිරීම වෙනුවෙන් සංවිධානයක් පිහිටුවාගැනීම මෙහිදී සිදුවූ සුවිශේෂී සිදුවීමක් විය.
 
අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්, මොහොමඞ් හිටපු පළාත් පාලන කොමසාරිස් ධර්මසිරි ජයවර්ධන, පැෆ්රල් විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි, වැඩසටහන් අධ්‍යක්ෂක ශ්‍රීධරන් සභානායගම්,  ජාතික සම්බන්ධීකාරක සුජීව ගයනාත් මහත්වරුන් හා ඩයකෝනියා ආයතනයේ සුමංගලී මහත්මිය සහභාගීවූහ.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com