News

ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්න - නිරීක්ෂණ සංවිධාන කියති

යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

""යෝජිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාදය සම්බන්ධයෙන් වන මාධ්‍යය සාකච්ඡාවක් අද කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වින.

පැෆ්රල්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, කැෆේ, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා, MFFE ආයතන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම මාධ්‍යය සාකච්ඡාවේදී ඔවුන් අවධාරණයකොට සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය දිවි මෙන් සුරකින්නෙමැයි සපථ කරන දේශපාලන පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා සිටින බවයි. 
 
එමෙන්ම මේ මේ මොහොතේ සැබෑ අවශ්‍යතාවය අද දිනයේ පළමු වරට විවාදයට ගන්නා ලද පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත කඩිනමින් සම්මත කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන් ක්‍රියා කිරීම විනා මැතිවරණ කොමිෂන් සභාවට හෝ මැතිවරණ නිරීක්ෂකයන්ට බැන අඬ ගැසීම නොවන බවටයි ඔවුන් පෙන්වාදුන්නේ.
 
මැතිවරණ කල් දැමීම ගැන ‘මැතිවරණ කොමිසමට‘ හා මැතිවරණ නිරීක්ෂකයින්ට චෝදනා කොට ඵලක් නොමැති බවත්  මෙතෙක් මැතිවරණ කල් දැමීම ගැන සාධනීය විරෝධයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විසින් දක්වා නොමැති බවටත් ඔවුන් එහිදී පෙන්වාදුන්නේය. 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com