News

සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව අද බාරදෙයි?

සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව අද දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතව ඇති බවට මාධ්‍යය වාර්තාකර ඇත.

""සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව අද දිනයේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙත භාරදීමට නියමිතව ඇති බවට මාධ්‍යය වාර්තාකර ඇත.
 
එම මාධ්‍යය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ ඊයේ දිනය වන විට කොමිෂන් සභා වාර්තාව සම්පුර්ණ කළ බව කොමිසමේ සභාපති අශෝක පීරිස් මහතා ප්‍රකාශ කර ඇති බවයි. 
 
විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා වෙත අදාළ වාර්තාව ලබාදීමට නියමිතව තිබුණද අමාත්‍යවරයා විදේශගතව සිටින බැවින් එම වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට හෝ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයාට අද දිනයේ ලබාදෙනු ඇති බවයි එම වාර්තා සඳහන් කරන්නේ. 
 
අදාළ වාර්තාව අමාත්‍යවරයා වෙත ලැබීමෙන් පසු එය ගැසට්  පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළ යුතු අතර ඉන් අනතුරුව පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසමට අවස්ථාව හිමි වන බවයි වාර්තාවන්නේ. 
 
අදාළ සීමා නිර්ණ කොමිෂන් සභා වාර්තාව නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වූ අතර ඊට හේතු වුයේ ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වුණු අභියාචනා විභාග කිරීම සඳහා බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com