News

මැතිවරණය පැවැත්වීම කඩිනම් කිරීමට රජයට බලකරන්න - මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය කල්දැමීම දිගින් දිගටම සිදුනොකොට කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට රජයට බලකරන ලෙස මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලා සිටියි.

""පළාත්  පාලන මැතිවරණය කල්දැමීම දිගින් දිගටම සිදුනොකොට කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට රජයට බලකරන ලෙස මහජන එක්සත් පෙරමුණ පැෆ්රල් සංවිධානයෙන් ඉල්ලා සිටියි.

මහජන එක්සත් පෙරමුණු නායක පා.ම දිනේෂ් ගුණවර්ධන මහතා හා පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අතර අද (30) පැෆ්රල් සංවිධානයේදී පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා පෙන්වාදුන්නේ රජය නීති විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල්දමමින් සිටින බවයි. එමෙන්ම පළාත් පාලන ආයතන මෙලෙස දිගින් දිගටම අක්‍රීයව පැවතීම තුළ ප්‍රාදේශීය මට්ටමේ විවිධ සංවර්ධන කටයුතු මෙන්ම සාමාන්‍ය ජනජීවිතයේ අත්‍යවශ්‍යතා රාශියක් ඉටුකිරීම ඇණහිට ඇති බවයි.
 
මෙහිදී පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ මැතිවරණය දිගින් දිගටම කල්දැමීම  පැෆ්රල් සංවිධානය අනුමත නොකරන බවයි. එහෙත් සීමානිර්ණයේ ගැටලු ඇති බවට පැෆ්රල් සංවිධානය පිළිගන්නා බවද එහෙත් සීමානිර්ණ ගැටලු විසඳී ඇති පළාත් පාලන ආයතනවල මැතිවරණ පැවැත්වීමට හැකියාව තිබෙන බවද හෙට්ටිආරච්චි මහතා එම සාකච්ඡාවේදී පෙන්වාදුන්නේය.
 
කෙසේ වෙතත් පසුගිය රජය විසින් සීමානිර්ණය වෙනුවෙන් පත්කල කමිටුවේ ඇති අඩුපාඩු හුවා දක්වමින් මෙතෙක් සීමානිර්ණ කටයුතු අවසන් කිරීමට නොහැකි ඇති බව ඇතැමුන් පැවසීම අනුමත කල නොහැකි බවත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com