News

පෙබරවාරියේ මුලතිව්හි ඡන්ද විමසීමක්?

මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙනුවෙන් වන ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 28 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග

""මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩුඉරිප්පු හා මුහුදුබඩපත්තු යන ප්‍රාදේශීය සභාවන් වෙනුවෙන් වන ඡන්ද විමසීම එළඹෙන පෙබරවාරි මස 28 වන දින සිදුකිරීමට නියමිත බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම ප්‍රාදේශීය සභාවන්හි ඡන්ද විමසීම පසුගිය 2012 වසරේ මාර්තු මස 24 වන දින සිදුකිරීමට නියමිතව තිබුණත් අධිකරණය හමුවේ ඊට අදාලව විභාග කෙරුණු නඩු දෙකක් හේතුවෙන් එම ඡන්ද විමසීම සිදුකිරීම කල්දමා තිබුණි.
 
එම නඩුවලින් පෙන්වාදී තිබුණේ එම ප්‍රා දේශී ය සභා බල ප්‍ර දේශයන් දෙකෙහි නැවත පදිංචිකිරීම් අවසන්වී නොමැති නිසා ඡන්ද විමසීමක් පැවැත්වීම සාධාරණ නොමැති බවයි. කෙසේ වෙතත් මේ වන විට එම නඩු දෙකම මේ වන විට නිශ්ප්‍රභ වී ඇති හෙයින් ඡන්ද විමසීමක් පැවැත්වීමට බාධාවක් නොමැති බවයි මැතිවරණ මහලේකම් කාර්යාලය පෙන්වාදෙන්නේ.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com