News

අසත්‍ය ප්‍රවෘත්තියට පැෆ්රල් සම්බන්ධයක් නෑ - විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි

දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.

""දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් 33 න් එක්සත් ජාතික පක්ෂයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත්වන බවට පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කර ඇති බවට සමාජජාලා වෙබ් අඩවිවල අසත්‍ය පුවතක් ප්‍රචාරය වෙමින් පවතී.

මැතිවරණය නිදහස් හා සාධාරණ ආකාරයට පැවැත්වීම පැෆ්රල් සංවිධානයේ අපේක්ෂාව වන අතර ඊට අදාල පාර්ශවයන් සමග අවබෝධයෙන් කටයුතු කිරීම සිදුකරන බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි. 
 
මැතිවරණයක් ප්‍රකාශයට පත්කොට ඇති අවස්ථාවක අසත්‍ය ප්‍රවෘත්තීන් නිර්මාණයකොට ප්‍රචාරය කිරීම හරහා ජනමතයට විශාල බලපෑමක් සිදුකල හැකි අතර පැෆ්රල් සංවිධානය විසින් නිකුත් කරනු ලබන වාර්තා පැෆ්රල් නිල වෙබ් අඩවිය හා පැෆ්රල් නිල ෆේස්බුක් ගිණුම හා සමූහය ඔස්සේ පමණක් ප්‍රසිද්ධ කරනු ලබන බැවින් එම වාර්තා පමණක් පරිශීලනය කරන ලෙසට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ඉල්ලා සිටියි.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com