News

මැතිවරණ දිගින් දිගටම කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් - විධායක අධ්‍යක්ෂ

දිගින් දිගටම පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

""දිගින් දිගටම පැවැත්වීමට නියමිත මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පලකරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

අද කොළඹ සාමාජය හා සාමයික කේන්ද්‍රයේදී පැවති මාර්තු 12 ව්‍යාපාරයේ මාධ්‍යය හමුවකට එක්වෙමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ පළාත් පාලන මැතිවරණයේ නියෝජිත අනුපාතය වෙනස් කිරීම සම්බන්ධයෙන්ද දේශපාලන පක්ෂ අතර සංවාදයක් ඇතිව තිබෙන බවයි.
 
එමෙන්ම දේශපාලන ක්‍රමයේ උන්නතිය වෙනුවෙන් සිදුකරන කටයුතු ප්‍රශංසනීය වුවද ඒ හරහා මැතිවරණ කල්දැමීම හරහා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය උදුරාගැනීමක් බවයි හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ.
 
තවද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වාදුනේ පනත් කෙටුම්පත දෙවන වර කියවීම එළඹෙන 24 වන දින පැවැත්වීමට නියමිත බවත් එළඹෙන 6 වන දින එය සම්මතවීමට බොහෝදුරට ඉඩ ඇති බවත්ය.
 
එහෙත් සියලු දේශපාලන පක්ෂයන්ට එකඟතාවය පලකල නොහැකි සංශෝධන ඇතුළත් වුවහොත් මැතිවරණය නියත වශයෙන්ම කල්යාමේ අවධානමක් ඇති බවයි හෙට්ටිආරච්චි මහතා සඳහන්කොට සිටියේ.
 
හෙට්ටිආරච්චි මහතා එහිදී අවධාරණය කර සිටියේ ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරහරින ආකාරයේ ක්‍රියාදාමයන්ට එළඹීමට පාලකයින් කටයුතු නොකල යුතු බවයි. 
 
තවද කාන්තා නියෝජනය තහවුරු කිරීම වෙනුවෙන් වන සියයට 25 ක කෝටාවද සංශෝධනය කිරීමේ සූදානමක් ඇති බවට ඉඟි පලවෙමින් ඇති බවත් 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com