News

ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගන්න එපා - පැෆ්රල් අවධාරණය කරයි

මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන බවත් එහෙත් ඒ හරහා මැතිවරණ කල් නොදැමිය යුතු බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

""මැතිවරණ එකම දිනයක පැවැත්වීම අගය කරන බවත් එහෙත් ඒ හරහා මැතිවරණ කල් නොදැමිය යුතු බවත් පැෆ්රල් සංවිධානය පවසයි.

 
පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය පවසා ඇත්තේ විවිධ හේතු හුවාදක්වමින් මැතිවරණ පනත සංශෝධනය කිරීමට නුසුදුසු බවයි.
 
 
පැෆ්රල් සංවිධානය නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.
 
සබරගමුව, උතුරුමැද, නැගෙනහිර පළාත් තුනෙහි නිල කාලය ඔක්තෝබර් මස පළමු දිනෙන් අවසන් වීමට නියමිත ය. ඒ අනුව ඔක්තෝබර් 2 වන දින නාමයෝජනා කැඳවීමට මැතිවරණ කොමිසම සූදානම් බවත් දෙසැම්බර් මස මුල් සතිය තුළ මැතිවරණ පැවැත්වෙනු ඇති බවට මාධ්‍ය වාර්තා පළවිය.
 
එහෙත් මේ වන විට පළාත් සභා ඡන්ද විමසීම කඩින්කඩ පැවැත්වීම හරහා මුදල් සම්පත් නාස්තියක් වන බව සහ එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලපෑමක් වන බව හුවා දක්වමින් මැතිවරණ එකම දිනයක පැවැත්වීම සඳහා  මැතිවරණ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය (2017.07.25.)තීරණය කර ඇති බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත්ව තිබේ.
 
මෙම කි‍්‍රයාවලිය තිත්ත බේත් සීනි තවරා ජනතාවට ගිල්ලවීමක් සේ අපි දකිමු. මැතිවරණ එකම දිනයක පැවැත්වීම අපද අගය කරමු. එහෙත් ඒ හරහා මැතිවරණ කල් නොදැමිය යුතුය. දැනටමත් පළාත් පාලන මැතිවරණ දිගින් දිගටම කල් දැමීම හරහා මැතිවරණ පැවැත්වීම සඳහා රජය ඇති නොකැමැත්ත ජනතාවට තහවුරු වී ඇත. නොඑසේ නම් විශ්වාසය පලූදු වී ඇත. 
 
මෙවැනි පසුබිමක් තුළ පළාත් සභා මැතිවරණ එකම දිනයක පවත්වන්නට රජය අවංක චේතනාවෙන් කටයුතු කළේ නම් කළයුතුව ඇත්තේ සියළු පළාත් සභා සමග සාකච්ඡා කර කඩිනමින් විසුරුවා නොහැරෙන පළාත් සභාවලද එකඟතාවය සහිතව එම පළාත් සභා විසුරුවා හැර මැතිවරණ පැවැත්වීමට කාල රාමුවක් තීරණය කිරීමයි. නොඑසේ නම් පළමුවෙන්ම නිල කාලය අවසන් වන පළාත් සභා මැතිවරණ දිනටම සෙසු පළාත් සභාවල මැතිවරණ පැවැත්වීමට කි‍්‍රයා කිරීමයි.  මෙය නීති සංශෝධනයකින් තොරව ද කළ හැකිය.
 
ඉදිරි පළාත් සභාවල නිලකාලය අවසන් වන්නේ අවස්ථා 4 ක් යටතේ ය.
 
2017 සැප්තැම්බර් / ඔක්තෝබර් 
සබරගමුව පළාත් සභාව (2017.09.26)  නැගෙනහිර පළාත් සභාව (2017.09.30)
උතුරු මැද පළාත් සභාව (2017.10.01) 
 
2018 ඔක්තෝබර්
මධ්‍යම පළාත් සභාව (2018.10.08) වයඹ පළාත් සභාව (2018.10.10)  උතුරු පළාත් සභාව (2018.10.24)
 
2019 අපේ‍්‍රල් 
දකුණු පළාත් සභාව (2019.04.10)  බස්නාහිර පළාත් සභාව (2019.04.21)
 
2019 ඔක්තෝබර්
ඌව පළාත් සභාව ( 2019.10.08)
 
ඒ අනුව රජය පළාත් සභා මැතිවරණ පවත්වන්නේ කුමන කාල රාමුවකදැයි රටට හෙලිකළ යුතුය. 
2017 සැප්තැම්බර් / ඔක්තෝබර් වලින් පසුද ?  2018 ඔක්තෝබර් වලින් පසුද ?
2019 අපේ‍්‍රල් වලින් පසුද ?  2019 ඔක්තෝබර් වලින් පසුද ? 
 
යම් හෙයකින් පළාත් සභා මැතිවරණ ක‍්‍රමය ද වෙනස් කිරීමට තීරණය කළහොත් මැතිවරණ දින නියමයකින් තොරව කල්යාමේ අවධානමක් පවති. එසේ වුවද ජනතාවගේ ඡුන්ද අයිතිය කල් දැමිය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු දෙකක් හරහා ද තහවුරු වී ඇති බව අවධාරණය කරනු කැමැත්තෙමු. 
ජනතාවට තම අභිමතය පරිදි පාලකයන් පත්කර ගැනීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියට අත නොතබන ලෙස රජයෙනුත්, සෙසු දේශපාලන පක්ෂ නායකයන්ගෙනුත් අප අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු.
 
ස්තුතියි,
 
රෝහණ හෙටිටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com