News

සුදුසුකම් ලත් සියල්ලන් ඇතුළත් කර ඡන්දහිමි නාමලේඛන ප්‍රති‍ශෝධනයට දායකවන්න

2017 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල මූලික අදියරේ කටයුතු මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින බවත් සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛනයක් සකස

""2017 වර්ෂයේ ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධනයට අදාල මූලික අදියරේ කටයුතු මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව මගින් සිදුකරමින් සිටින බවත් සුදුසුකම් සහිත කිසිවෙකුත් අත් නොහැරෙන ඡන්දහිමි නාමලේඛනයක් සකස් කිරීමට දායකවීම වගකීම් සහගත පුරවැසියන් ලෙස අප සැමගේම වගකීමක් බව විශ්වාස කරන බවත් පැෆ්රල් සංවිධානය පවසයි.
 
සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කරමින් පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදෙන්නේ මෙම කටයුත්තේදී දේශපාලන පක්ෂ වලට පැවරෙනුයේ අසීමිත වගකීමක් බවයි. එමෙන්ම සෑම වර්ෂයකදීයම ඡන්දහිමි නාමලේඛන ප්‍රතිශෝධන ක්‍රියාවලියට දායකවීමට දේශපාලන පක්ෂවලට හැකියාව ලැබෙන බවත් පැෆ්රල් විධායක අධ්‍යක්ෂවරයා සිය ලිපිය මගින් දක්වා ඇත.
 
එමගින් වැඩිදුරටත් දක්වා ඇත්තේ මේ වන විටත් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවෙන් ඔබතුමන් වෙත එවන ලද ලිපිවලට අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාශ මට්ටමින් ඒ සඳහා පක්ෂයේ නියෝජිතයින් පත් කරනොමැති නම් කඩිනමින් එම නියෝජිතයින් පත්කරන ලෙසයි. 
 
තවද විධිමත් පුහුණවක් සහිත නියෝජිතයින් යෙදවීම හරහා සුදුසුකම් සහිත සියළුදෙනාගේ නම් ඇතුලත් කිරීමටත්, එමෙන්ම යම් පුද්ගලයෙකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ලියාපදිංචි වීමට උත්සහ කරන්නේ නම් එවැනි පුද්ගලයින් ඉවත් කිරීමටත් අවකාශ සලසනු ඇති බවත් හෙට්ටිආරච්චි මහතා සිය ලිපිය මගින් දක්වා ඇත.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com