උතුරේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ කඳවුරු දෙකක්
ජාතික හැඳුනුම්පත් නොමැති ජනතාව වෙත ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවක් පසුගියදා පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වින.
ජාතික හැඳුනුම්පත් නොමැති ජනතාව වෙත ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවාවක් පසුගියදා පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් පැවැත්වින.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් හා මරදන්කර්නි යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කරගනිමින් සිදුකල එම ජංගම සේවා සදහා විශාල ජන සහභාගීත්වයක් හිමිවිය.
ඩෙල්ෆ්ට් හා මරදන්කර්නි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ප්‍රාදේශිය ලේකම්වරුන් හා කාර්ය මණ්ඩලවල නොමසුරු සහයෝගයද ඊට හිමිවූ අතර ජනතාවද පැෆ්රල් සංවිධානයේ ක්‍රියාකාරීත්වය එහිදී මහත් අගය කලහ. සර්වෝදය ආයතනය ඩෙල්ෆ්ට් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය වෙනුවෙන් සහාය දැක්වූ අතර මානව සම්පත් සංවර්ධන ආයතනය මරදන්කර්නි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ජංගම සේවය වෙනුවෙන් සහාය දැක්වීය.