මැතිවරණ කොමිසම පත්කෙරේ
ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කොට තිබූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වන විට ලැබී ඇත.
ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා කරනු ලැබ ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත්කොට තිබූ මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය මේ වන විට ලැබී ඇත.
ඒ අනුව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වශයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පත්කොට ඇති අතර සෙසු සාමාජිකයින් වශයෙන් හිටපු නීති කෙටුම්පත් සම්පාදක ජනාධිපති නීතීඥ නලීන් ජයන්ත අබේසේකර මහතා හා යාපන සරසවියේ මහාචාර්ය සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් මහත්වරුන් පත්කොට ඇත.
මේ අනුව ඉදිරියේදී මැතිවරණ කොමිසම රැස්වී ඉදිරියේදී මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහා කොමසාරිස් ජෙනරාල්වරයෙකු පත්කරගැනීමට නියමිත අතර එම කොමසාරිස් ජෙනරාල්වරයා විසින් මැතිවරණ කොමිසමේ අධීක්ෂණය යටතේ සියලු මැතිවරණ පැවැත්වීමට නියමිතය.