News

ද්විත්ව පුරවැසිභාවය සහිත අයට ඡන්දය ඉල්ලන්න බැහැ?

ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

""ද්විත්ව පුරවැසිභාවය හිමි කිසිවෙකුට ඉදිරියේදී මෙරට පැවැත්වෙන කිසිදු මැතිවරණයකට තරඟ කිරීමට ඉඩ ලබානොදීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

රජයේ ප්‍රකාශකයෙකු උපුටා දක්වමින් ප්‍රධාන ජාතික පුවත්පතක් වාර්තාකොට ඇත්තේ ඒ සඳහා වන නීති ඉදිරි කාලය තුළ සම්මත කරගැනීමට ක්‍රියාකරන බවයි.
 
එමෙන්ම ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් මෙරට මැතිවරණවලට ඉදිරිපත්ව ජයගැනීමෙන් පසු තම අභිමතය පරිදි කටයුතුකොට රට හැර යන නිසා රටට හා ජනතාවට විශාල හානියක් සිදුවන බවයි එම පුවත්පතේ දක්වා ඇත්තේ.
 
එහි වැඩිදුරටත් වාර්තාකොට ඇත්තේ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මෙරට මැතිවරණයක් සඳහා ඉදිරිපත්වීමට අවශ්‍ය නම් ඔහුට පුරවැසිභාවය හිමි අනෙක් රටෙහි පුරවැසිභාවයෙන් ඉවත්විය යුතු බවයි.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com