News

ජනාධිපතිවරණයේදී මාධ්‍ය භාවිතයේ ගැටලුවක් තිබුණා - රෝහණ හෙට්ටිආරච්චි මහතා

පසුගිය ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ගැටලුවක් බවට පත්වූයේ මාධ්‍ය භාවිතය පිළිබඳව බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

පසුගිය ජනාධිපතිවරණයේදී කැපී පෙනෙන ගැටලුවක් බවට පත්වූයේ මාධ්‍ය භාවිතය පිළිබඳව බව විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

විධායක අධ්‍යක්ෂකතුමා මේ බව පැවසූයේ පසුගිය ජනාධිපතිවරණයේ අතුරු වාර්තාව නිකුත් කිරීම වෙනුවෙන් පැෆ්රල් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි. එහිදී කරුණු දැක්වූ රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසූයේ මාධ්‍ය සමබරව පවත්වාගැනීම මැතිවරණයක් අවස්ථාවකදී ඉතාම තීරණාත්මක බවයි. මැතිවරණයකදී අපේක්ෂකයින් අතර සමබිමක් පවත්වාගෙන යාම මැතිවරණයේ සාධාරණභාවයට මාධ්‍ය භාවිතය අත්‍යවශ්‍යම කාරණයක් වුවත් මාධ්‍යන්හි හැසිරීම ගැටලුසහගත වූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
 
එමෙන්ම ඉදිරි මැතිවරණයකට පෙර මාධ්‍ය සමබරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායකයේ අවධානය යොමුවීම වැදගත් බවත් මැතිවරණ සමයන්හීදී මාධ්‍ය ශ්‍රේණිගත කිරීමක් සිදුකරන ලෙසට පැෆ්රල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කරන බවත් විධායක අධ්‍යක්ෂකතුමා එහිදී පැවසීය. එමෙන්ම මධ්‍යස්ථව ක්‍රියාකරන මාධ්‍ය ඇගයීමට ලක්කල යුතු බවත් එසේ ඇගයීම හරහා මැතිවරණ සමයන්හීදී මාධ්‍ය අවභාවිතය සිදුවීම නවතිනු ඇති බවටත් හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය. 
 
හෙට්ටිආරච්චි මහතා තවදුරටත් පෙන්වාදුන්නේ පසුගිය ජනාධිපතිවරණ සමය තුළදී සමාජ මාධ්‍ය භාවිතයද හික්මීමකින් තොරව සිදුවූ බවයි.  සමාජ මාධ්‍ය භාවිතයේදී සංයමයකින් තොරව කටුයුතු කිරීම දිගින් දිගටම සිදුවූ බවත් මැතිවරණ ක්‍රියාවලියට අයහපත් තොරතුරු සමාජගතවීම වැලැක්වීම වෙනුවෙන් නීති සම්පාදනය කිරීමේ අවශ්‍යතාවක් පෙනී හෙට්ටිආරච්චි මහතා සඳහන්කොට සිටියේය. 
 
ඡන්ද මධ්‍යස්ථාන තෝරාගැනීම, හැඳුනුම්පත අනිවාර්ය කිරීම, ඡන්දදායක හැඳුනුම්පතක් හඳුන්වාදීම,  දෘශ්‍යාබාධිත පිරිස් සඳහා ඡන්දය භාවිත කිරීමට බ්‍රේල් පහසුකම් හඳුන්වාදීම, Advance Voting System එකක් හඳුන්වාදීම, විදේශගත ඡන්දදායකයන්ට ඡන්දය භාවිත කිරීමට පහසුකම් සැලසීම, මැතිවරණ වියදම් සීමාකිරීමේ නීති කඩිනමින් සම්මත කිරීම, කොමිෂන් සභාවේ පැමිණිලි ඒකකය විධිමත් කිරීම, මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳ මහජන විශ්වාසය ආරක්ෂා කරගැනීම, අනවශ්‍ය ලෙස අපේක්ෂකයින් වැඩිවීම වැළැක්වීම සඳහා නීති පද්ධතියක් නිර්මාණය කිරීම හා පක්ෂ ලියාපදිංචි කිරීමේ නිති සංශෝධනය කිරීම සම්බන්ධයෙන්ද හෙට්ටිආරච්චි මහතා එහිදී අදහස් දැක්වීය.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com