News

ප්‍රජාතන්ත්‍රවාදය ලැබූ තවත් ජයක් කැටගොඩගේ පෙත්සමට අදාල තීන්දුව කතානයකතුමා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල “නගර සභා සංශෝධන” නමැති පනත් කෙටුම්පත මගින් හිටපු පළාත් පාලන සභිකයින් නැවත කැඳවීමට එරෙහිව පැෆ්රල් සංවිධානය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ රෝහණ හෙට්ටිආරච්චි මහතා සහ පාර්ශව කිහිපයක් එක්ව ගොනුකරන ලද නඩුවට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව කතානායකතුමන් විසින් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

ජනතා නියෝජිතයින් ජනතාව විසින් ලබාදෙන ලද ධුර කාලය ඉක්මවා කටයුතු කිරීමද මන්ත්‍රීවරයා විසින් අත්තනෝමතික හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස කටයුතු කිරීම පිළිබඳවද පැෆ්රල් සංවිධානය දිගින් දිගටම සිය අප්‍රසාදය පලකරන ලදී. පසුගිය ජූලි මස 12 වන දින SC(SD)NO25/2023 අංක දරණ මෙම පෙත්සම ගොනුකරන ලද අතර මෙමගින් වගඋත්තරකරුවන් කර සිටියේ පා.ම ජයන්ත කැටගොඩ මහතා හා නීතිපතිවරයායි. 

මෙම පෙත්සමට අදාල තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ගරු කතානායකතුමන් වෙත යොමුකර තිබූ අතර අද (08) දින කතානායකතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුව හමුවේ දැනුම්දෙමින් පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත් තුනෙහිම  2 වන වගන්තිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 1, 12(1), 82, 83 සහ 104ආ යන ව්‍යවස්ථාවන්හි විධිවිධානයන්ට අනනුකූල වන බැවින් “ප්‍රාදේශීය සභා (සංශෝධන)” “නගර සභා (සංශෝධන)” සහ “මහ නගර සභා (සංශෝධන)” නමැති මෙම පනත් කෙටුම්පත් තුනම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, ජනමත විචාරණයක දී ජනතාව විසින් ද අනුමත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  තීරණය කර ඇති බවයි. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ මෙම තීන්දුව මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය අගයන ජනතාව ලද මහඟු ජයග්‍රහණයක්  බවයි. එහෙන්ම  අත්තනෝමතික ලෙස කල්දමා ඇති පළාත් පාලන මැතිවරණය ලබාගැනීමට අදාලව පැෆ්රල් සංවිධානය හා තවත් පාර්ශව එක්ව ගොනුකර ඇති ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් මගින්ද මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට කටයුතු කරන බවටද හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම මෑතකාලීනව දේශපාලනඥයන් සිය බලය තහවුරු කරගැනීම සඳහා පාර්ලිමේන්තුව අවභාවිත කරමින් ප්‍රජාතන්ත්‍රීය අගයන් හෑල්ලු කිරීමෙ ප්‍රවනතාවයක් දක්නට තිබුනද මෙම තීරණය මගින් අවධාරණය කර ඇත්තේ එලෙස දිගින් දිගටම සිදුකල නොහැකි බව යැයිද හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේය.

 

A discussion between PAFFREL and the JVP

The second in a series of discussions being held by PAFFREL with political parties was held today (10) with the Janatha Vimukthi Peramuna (JVP).

A discussion between PAFFREL and the Communist Party

The first in a series of discussions between PAFFREL and political parties was held today (02) at the office of the Communist Party of Sri Lanka, Colombo 08.

A decisive judgment in the history of elections

Mr. Ranga Dissanayake, High Court Judge, Moneragala delivered a landmark judgment yesterday (13), adding a momentous chapter to the history of elections in Sri Lanka.

PAFFREL submits its proposals for a new electoral system

PAFFREL presented its proposals on reforming the electoral system of Sri Lanka to the Parliamentary Select Committee, yesterday (14).

පැෆ්රල් ස.ජ.බ මුණගැසෙයි

පැෆ්රල් සංවිධානය හා සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද (12) කොළඹ 07 ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වින.

පැෆ්රල් හා ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ අතර සාකච්ඡාවක්

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පැෆ්රල් සංවිධානය අතර සාකච්ඡාවක් අද (07) ජල සම්පාදන අමාත්‍යාංශයේදී පැවැත්වින.

මැතිවරණ කොමිසම හා පැෆ්රල් අතර තවත් සාකච්ඡාවක්

මැතිවරණ කොමිෂන් සභාව හා පැෆ්රල් සංවිධානය අතර ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (07) පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී පැවැත්වින.

මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් පැෆ්රල් හා ජවිපෙ අතර සාකච්ඡාවක්

පැෆ්රල් සංවිධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර සාකච්ඡාවක් අද (05) පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වින.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් වන පැෆ්රල් යෝජනා විද්වත් කමිටුවට

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් කමිටුවට දීප ව්‍යප්තව කරන ලද සාකච්ඡා මාලාවකින් අනතුරුව සකස් කර ගන්නා ලද යෝජනාවලිය 2020 දෙසැම්බර් 30 වන දින පැෆ්රල් සංවිධානය

නව ව්‍යවස්ථාවට අදහස් දෙන්න ප්‍රමාණවත් කාලයක් ලබාදෙන්න

ඉදිරි දැක්මක් සහිත වඩා පුලුල් ලෙස ජනතා අභිලාෂයන් නියෝජනය වන දියුණු ලක්ෂණ සහිත ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සකස් කලයුතු යැයි සිය විශ්වාසය බව පැෆ්රල් සංවිධානය පවසයි.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් වූ සිවිල් සමාජ කමිටුවේ වාර්තාව කතානායකතුමන් අතට

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව විසින් සකස්කල අවසන් වාර්තාව අද දින කතානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදෙනු ලැබින.

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ඒකාබද්ධය සිවිල් සමාජ කමිටුව සමගින් සාකච්ඡා කරයි

ආණ්ඩුවේ උත්සාහය වී ඇත්තේ කුමන පදනමින් හෝ මැතිවරණ පැවැත්වීම ප්‍රමාද කිරීමට අවශ්‍ය තාක්ෂණික පසුබිම් සකස් කිරීම බව පා.ම ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳව සාකච්ඡාවක් අද

පළාත් සභා මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම වෙනුවෙන් වන සිවිල් සමාජ කමිටුව අද නිල වශයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමගින් සාකච්ඡා කිරීමට නියමිතය.

ප්‍රතිපත්ති සංවිධායකයින් ඉදිරි මැතිවරණ සංශෝධනයකදී අවධානය යොමුකල යුතු කරුණු

තනි දේශපාලන පක්ෂය බහුතරය ලබා නොගැනීම හේතුවෙන් දුර්වල ආයතන ව්‍යුහයක් ඇතිවීම මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලිව පෙනීයන බව පැෆ්රල් සංවිධානය පවසයි.

ද්විත්ව පුරවැසිභාවය නොමැති බවට මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් සහතික ගන්න - පැෆ්රල්

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් වෙනත් රටක පුරවැසිභාවය සහිත පුරවැසියන්ට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නොහැකි බව නීතියෙන් සම්මත විය.

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com