News

ඌවට මන්ත්‍රී ධූර දෙකක් අඩුවෙද්දී උතුරට හා දකුණට ධූර දෙකක් වැඩිවෙයි

2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1 බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

""2014 ඡන්ද නාමලේඛනයට අනුව බදුල්ල හා මොණරාගල දිස්ත්‍රික්කවලට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 1  බැගින් අඩුව තිබෙන බව මැතිවරණ මහලේකම් කාර්යාල ආරංචිමාර්ග පවසයි.

2013 වසරේ ඡන්ද නාමලේඛනය අනුව දිස්ත්‍රික් වශයෙන් තෝරාගත හැකිව තිබූ මන්ත්‍රී ධූර සංඛ්‍යාව මෙසේ 2014 ඡන්ද නාමලේඛනයට අනුව වෙනස්වී තිබෙන අතර ඡන්දහිමි නාමලේඛනයට අනුව දිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තුව සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව 196 කි.
 
පසුගියදා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් ගැසට් නිවේදනයක් මගින් දක්වා ඇති ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 9 සිට 8 දක්වාද මොණරාගල දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 5 දක්වාද අඩුවී ඇත.
 
එමෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 7 සිට 8 දක්වාද යාපනය දිස්ත්‍රික්කයෙන් තෝරාපත්කරගන්නා මන්ත්‍රී ධූර සංඛ්‍යාව 6 සිට 7 දක්වාද වැඩිවී ඇති අතර 2014 වසරේ ඡන්ද නාමලේඛනයට අනුව සෙසු දිස්ත්‍රික්කයන්හි මන්ත්‍රී ධූර සංඛ්‍යාවෙහි වෙනස්කමක් සිදුව නොමැත.
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com