News

පීඩාවට පත් පිරිස් වලට පැෆ්රල් දායකත්වයෙන් සහන

සමස්ත ලෝකය පුරාම දරුණු ලෙසින් පැතිර යන කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවාසීන්ගේද ජනජීවිත අඩාල කිරීමට සමත්ව ඇත.

මෙම තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවාසී  ජනතාව වෙනුවෙන් කොවිඩ් 19 වසංගතයේ පළමු රැල්ලේදීද පැෆ්රල් සංවිධානයේ මැදිහත්වීමෙන් යම් යම් සහන සැලසීමේ වැඩසටහන් ක්‍රියාත්මක කල අතර මෙවරද එම සහන සැලසීමේ ක්‍රියාවලිය සිදුකිරීමට සමත්ව ඇත.
 
ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ වැඩිහිටි හා ළමා නිවාස සඳහා වියළි ආහාර ලබාදීම පැෆ්රල් සංවිධානයේ මුල්‍ය දායකත්වය මත ඒෂියා ලංකා පදනම මගින් පසුගියදා සිදුකරන ලදී. 
 
මෙවැනි අසීරු අවස්ථාවක සමාජයේ විශේෂ අවධානයට ලක්විය යුතු කණ්ඩායම් වෙනුවෙන් අඛණ්ඩවම සිය මැදිහත්වීම් හරහා සහන සැලසීමට සිය දායකත්වය ලබාදෙන බවට පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 
 
 
 
 
 
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com