News

පළාත් පාලන ආයතන 5 ක මන්ත්‍රීලා, ටීඕලා මහජන මුදලින් රට සවාරි ගිහින්!

පළාත් පාලන ආයතන පහක නගරාධිපති, සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ තාක්‍ෂණික නිලධාරීන් (ටී.ඕ.) අසූදෙනකුට වඩා වැඩි පිරිසක්‌ මහජන මුදල් වැය කර තායිලන්තයේ සහ මැලේසියාවේ සංචාරයකට ගොස්‌ ඇතැයි පළාත් පාල

පළාත් පාලන ආයතන 5 ක මන්ත්‍රීලා,
ටීඕලා මහජන මුදලින් රට සවාරි ගිහින්!


ශිරාන් රණසිංහ

පළාත් පාලන ආයතන පහක නගරාධිපති, සභාපති ඇතුළු මන්ත්‍රීවරු සහ තාක්‍ෂණික නිලධාරීන් (ටී.ඕ.) අසූදෙනකුට වඩා වැඩි පිරිසක්‌ මහජන මුදල් වැය කර තායිලන්තයේ සහ මැලේසියාවේ සංචාරයකට ගොස්‌ ඇතැයි පළාත් පාලන ආයතනවලින් \'දිවයින\'ට වාර්තා වේ.

මීගමුව මහනගර සභාව, කටාන ප්‍රාදේශීය සභාව, ජාඇල ප්‍රාදේශීය සභාව, පඬුවස්‌නුවර ප්‍රාදේශීය සභාව සහ හෙට්‌ටිපොල ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරු මෙන්ම ඇතැම් පළාත් පාලන ආයතනවලට සම්බන්ධ තාක්‍ෂණික නිලධාරීන් ද (ටී.ඕ) මෙලෙස සංචාරය සඳහා සහභාගි වී තිබේ.

පාඩු ලබන පළාත් පාලන ආයතන ද මෙවැනි විදෙස්‌ සංචාරවල නිරත වන බව වාර්තා වේ.

වසරකට වරක්‌ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට මෙලෙස විදෙස්‌ සංචාරයක්‌ ලබාදීමේ ව්‍යාපෘතියක්‌ ඇතැයි පළාත් පාලන ආයතන ප්‍රධානීන් කියා සිටියද, ඒ පිළිබඳ පළාත් පාලන නියෝජ්‍ය ඇමැති, ඉන්දික බණ්‌ඩාරනායක මහතාගෙන් \'දිවයින\' කළ විමසීමේදී ඇමැතිවරයා කියා සිටියේ එවැනි ව්‍යාපෘතියක්‌ නොමැති බවයි. ඒ ඒ පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට විදේශීය රටවල යම් යම් කටයුතු සිදුවන ආකාරය පෙන්වාදීම සඳහා ඒ ඒ පළාත් පාලන ආයතන විසින් මුදල් වෙන් කර ගෙන මෙවැනි සංචාර සූදානම් කරගෙන ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.

සාමාන්‍යයෙන් දින පහක සංචාරයක්‌ සඳහා ගමන් වියදම් හෝටල් ගාස්‌තු වෙනුවෙන් රුපියල් 130,000 කට වඩා වැඩි මුදලක්‌ එක්‌ මන්ත්‍රීවරයකු වෙනුවෙන් වෙන්කර ගෙන ඇති අතර ඊට අමතරව දෛනික වියදමක්‌ ලෙස ඩොලර් පනහක්‌ පමණ මහජන මුදලින් වෙන් කර ගැනීමට පළාත් පාලන ආයතන කටයුතු කර ඇත.

පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල කුණු ඉවත් කර ගැනීම ඇතුළු කටයුතු සඳහා යෙදවිය යුතු මුදල්, ඉතිරි කරගෙන වර්ෂාවසානයේ දී තායිලන්තය, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල්වලට මන්ත්‍රීවරුන් සංචාරය සඳහා යැම පිළිකුල් සහගත යෑයි කියමින් ජනතා විමුක්‌ති පෙරමුණ පළාත් පාලන මන්ත්‍රීවරු මෙම සංචාර ප්‍රතික්‍ෂේප කර ඇත.

 

 

Source - www.divaina.com/2014/08/29/news09.html

 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com