News

කේ. වේලායුදම් මහතා දශක දෙකක නිරීක්ෂණ කටයුතු නිමාකරයි

දශක දෙකකට අධික කාලයක් මුලුල්ලේ පැෆ්රල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයෙකු වශයෙන් කටයුතු කල හපුතලේ පදිංචිව සිටි කේ. වේලායුදම් මහතා පසුගිය 16 වනදා හදිසියේ අභාවප්‍රාප්ත විය.

දශක දෙකකට අධික කාලයක් මුලුල්ලේ පැෆ්රල් සංවිධානයේ මැතිවරණ නිරීක්ෂකයෙකු වශයෙන් කටයුතු කල හපුතලේ පදිංචිව සිටි කේ. වේලායුදම් මහතා පසුගිය 16 වනදා හදිසියේ අභාවප්‍රාප්ත විය.

එදින පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදීද වේලායුදම් මහතා නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් සිටි අතර හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියයන විට 63 වන වියෙහි පසුවිය.
 
සමාජ අසාධාරණයන්ට නිරන්තරයෙන් ලක්වන වතු ආශ්‍රිත ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙනී සිටි සිවිල් ක්‍රියාධරයෙකු වූ වේලායුදම් මහතා වාර්ගික සමගිය ගොඩනැගීමෙහිලාද සුවිශේෂී කාර්භාරයක නිරතවිය.
 
පුරවැසි භූමිකාව නිවැරදිව ඉටුකරමින් සිටි පුරවැසියෙකුගේ මෙම අකල් වියෝව පැෆ්රල් සංවිධානයට මෙන්ම රටටද බලවත් පාඩුවක් වන අතර ඔහු පතන ආත්ම ශාන්තිය අත්වේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2022 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com