News

කාන්තා නියෝජන කෝටාවට ඔස්ට්‍රේලියාවෙන් සහාය

පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා වූ නව කෝටා ක්‍රමය සඳහා ඔස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන සහයෝගය දැක්වීමේ වැඩසටහන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිනී

""පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සඳහා වූ නව කෝටා ක්‍රමය සඳහා ඔස්ට්‍රේලියානු ආධාර යටතේ ක්‍රියාත්මක වන සහයෝගය දැක්වීමේ වැඩසටහන කාන්තාවන් සහ ගැහැණු දරුවන් පිළිබඳ ඔස්ට්‍රේලියානු තානාපතිනී නටාෂා ස්ටොට් ඩෙස්පෝයා මහත්මිය ඊයේ (11දා) එළිදැක්වීය.

 
ශ්‍රී ලංකාවේ සෑම මට්ටමක පාහේ දක්නට ලැබෙන අඩු කාන්තා නියෝජනය සම්බන්ධ ගැටලුව නිරාකරණය කරගැනීම සඳහා අලුතින් හඳුන්වාදී ඇති කෝටා ක්‍රමය මනා අවස්ථාවක් වනු ඇති බව එහිදී කියවුණි.
 
එමෙන්ම, ඉදිරි මාස 12ක පමණ කාලය තුළදී මැතිවරණ කොමිසමේ, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ, කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන යටතේ ඡන්දයෙන් තේරීපත්වන මහජන නියෝජිතයන් අතරට කාන්තාවන් අයත්වීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ ඉලක්ක වැඩසටහනක් ක්‍රියාත්මක වනු ඇති බවද සඳහන් කෙරිණි.
 
මෙම වැඩසටහන යටතපෙළාත් පාලන මැතිවරණයෙන් පසුව අලුතින් තේරීපත් වන මහජන නියෝජිතවරියන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ දේශපාලන මණ්ඩලයේ වැඩසටහන් සඳහා සහාය දැක්වීම මෙන්ම, කාන්තා අපේක්ෂිකාවන් වෙත මතුවන බාධක ඉවත්කිරීම සඳහා දේශපාලන පක්ෂ සමග සහයෝගයෙන් කටයුතු කිරීමද සිදුකෙරෙන බව සඳහන් කෙරිණි. අද 
 
 
උපුටාගැනීම අද පුවත්පතෙනි
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com