News

මාර්තු 12 ව්‍යාපාරයට වසරයි - ඉදිරි සැලසුම් එළිදැක්වීම 12 වනදා

මාර්තු 12 ව්‍යාපාරය විසින් පසුගිය වසරේ ජනගත කල නිර්ණායක 8 න් බැහැරව යමින් දේශපාලන පක්ෂ විසින් නම්කල අපේක්ෂකයින් බොහෝමයක් පරාජයට පත්කිරීමට ජනතාව කටයුතු කල බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

""මාර්තු 12 ව්‍යාපාරය විසින් පසුගිය වසරේ ජනගත කල නිර්ණායක 8 න් බැහැරව යමින් දේශපාලන පක්ෂ විසින් නම්කල අපේක්ෂකයින් බොහෝමයක් පරාජයට පත්කිරීමට ජනතාව කටයුතු කල බව මාර්තු 12 ව්‍යාපාරය පවසයි.

එහි මෙහෙයුම් කමිටු සාමාජික පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව පැවසූයේ කොළඹ පදනම් ආයතනයේදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමිනි.
 
හෙට්ටිආරච්චි මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනතාවට සේවය සැලසිය යුත්තේ කෙසේද යන්න සහ මන්ත්‍රීවරයෙකු ලෙස ඉටුකල යුතු අනිවාර්ය කරුණු ඇතුළත් කෙටුම්පත වෙනුවෙන් මෙම මස 12 වනදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගන්නා බවයි.
 
මාර්තු 12 ව්‍යාපාරයට වසරක් පිරෙන එළඹෙන මාර්තු 12 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලාවේදී මෙම කෙටුම්පත එළිදක්වන බවත් එදින මාර්තු 12 ව්‍යාපාරයේ වෙබ් අඩවියද එළිදැක්වීමට කටයුතු යොදා ඇති බවත් මාර්තු 12 ව්‍යාපාරයේ ඉදිරි සැලසුම්ද මෙම උත්සයේදී එළිදැක්වීමට කටයුතු කරන බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com