News

පාලිත තෙවරප්පෙරුමට ඇප, රටින් පිටවෙන්න බෑ

පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියට අදාලව බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික පක්ෂ කලුතර දිස්ත්‍රික් පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ශරීර ඇප දෙකක් මත අද (19) මුදාහ

""පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට දණගස්වා පහරදීමේ සිද්ධියට අදාලව බන්ධනාගාරගතව සිටි එක්සත් ජාතික  පක්ෂ කලුතර දිස්ත්‍රික්  පා.ම පාලිත තෙවරප්පෙරුම මහතා ශරීර ඇප දෙකක් මත අද (19) මුදාහැරියේය.

පසුගිය ජනාධිපතිවරණය අවසන්වීමෙන් පසු මන්ත්‍රීවරයා මෙසේ දණගස්වා තිබුණේ පාලින්දනුවර ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආරුමුගම් පුෂ්පකුමාර මහතායි.
 
ඒ අනුව තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන මේ දක්වා බන්ධනාගාර ගතව සිටි අතර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මතුගම මහේස්ත්‍රාත් දක්ෂිකා චාමිනී විජේබණ්ඩාර මහත්මිය නියෝග කල අතර මන්ත්‍රීවරයාගේ ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණ භාරයට පමුණුවන ලෙසට නියෝග කෙරින.

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com