News

අතුරු අයවැය ඉදිරිපත් කෙරේ

නව රජයේ අතුරු අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

""නව රජයේ අතුරු අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

රජයේ දින 100 වැඩසටහනට අනුව අද ඉදිරිපත් කෙරුණු අතුරු අයවැය මගින් සහන රැසක් ජනතාවට ලබාදෙන බවට ආණ්ඩුව පොරොන්දුවී තිබුණි.

 
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතුරු අයවැය යෝජනා පහතින් දැක්වේ.
 
මිලියන 450 ක් වැයකොට ගෙන්වනු ලැබූ හෙලිකොප්ටර් ගැන විමර්ශනය කරනවා 
සේවක අර්ථසාධක අරමුදලින් 30%ක් නිවාස සහ ඉඩම් මිලට ගැනීමට ලබා දීමට යෝජනාවක්
අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු විසින් දේශපාලන මුහුණුවරක් ගන්නා වෙළඳ දැන්වීම් පළ කිරීමට සීමා
විදේශ සේවකයන් ලියාපදිංචි කිරීමේ ගාස්තුව 5000 දක්වා අඩු කෙරේ 
Credit Card මගින් ගන්නා ණය මුදල් සඳහා උපරිම පොළී අනුපාතය 8% දක්වා අඩු කෙරේ
අනේවාසික විදේශ ගිණුම් වල පොලිය 5% ඉහලට 
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට බස් ගාස්තු 50% කින් අඩු කරනවා 
සියලුම අයට බැංකු ගිණුමක් ලබාදීමට කටයුතු කරනවා - ආරම්භක මුදලක් නොමැතිව බැංකු ගිණුමක් ආරම්භ කිරීමට අවස්ථාව සලසනවා
ශ්‍රී ලන්කන් හා මිහින් ලංකා ගුවන් සමාගම් ඒකාබද්ධ කිරීමට යෝජනා කරනවා 
මිහින් ලංකා ගුවන් සමාගම පසුගිය වසර පහේ පාඩුව බිලියන 15 
ස්වයං රැකියා නියුක්තිකයන්ට විශ්‍රාම යෝජනා ක්‍රමයක් 
දහම්පාසල් ගුරුවරුන්ට මසකට රුපියල් 200ක්
මහපොළ ශිෂ්‍යත්වය රුපියල් 5000 දක්වා ඉහළට
ආබාධිත රණ විරුවන්ටරුපියල් 500000 දක්වා ණයක්
විශේෂ හැකියාවන් ඇති පුද්ගලයන් සඳහා ආධාර 
වාහන ආනයන කරුවන්ගෙන් මිලියන1.5ක වාර්ෂික බද්ධක්
අබලන් වාහන විකිණීමෙන් රුපියල් මිලියන 1000 ක ආදායමක්
ජංගම දුරකතන සඳහා රීලෝඩ් කිරීමේදී අයකළ 25% බද්ද ඉවත්කෙරේ
ක්‍රීඩා සඳහා පමණක් වෙන්වූ නාලිකා වලින් රුපියල් මිලියන 1000 බද්දක්
සැටලයිට් රූපවාහිනී හිමිකරුවන් සඳහා මිලියන 1000 ක බද්දක් 
ජංගම දුරකතන සමාගම් සඳහා එක්වරක් පමණක් රුපියල් මිලියන 250ක බද්දක්
සුරාසල් හිමියන්ගෙන් එක් වරක් ගෙවිය යුතු 250,000 ක බද්දක් 
විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට 1000 දක්වා අඩු කෙරේ
තැබෑරුම් සහ මත්පැන් අළෙවි සල් වලට රුපියල් 205000 බද්දක්
මත්පැන් බලපත්‍ර ගාස්තු 100% ඉහළට
කැසිනෝ හිමියන්ගෙන් රුපියල් මිලියන 1000 විශේෂ බද්දක්
සිමෙන්ති මිල රුපියල් 90 න් පහළට
යතුරු පැදි ත්‍රිරෝද රථ නිෂ්පාදනය සහ එකලස් කරන්නන්ට බදු සහන
දේශීය වාහන එකලස් කරන සමාගම් පැහැර හැරි බදු අයකිරීමට කටයුතු කරනු ලැබේ මින් රුපියල් කෝටි 12000 ආදායමක් අපේක්ෂා කෙරේ
Hybrid මෝටර් රථ වල බදු අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරනු ඇත 
එන්ජින් ධාරිතාව 1000 අඩු වාහන සඳහා 15% බදු සහනයක්
සුපිරි වාසි බද්ද - මිලියන 2000 ට වඩා ලාභ ලබන ආයතන වලින් 25% ක බද්දක් 
උපයන විට ගෙවීමේ බද්ද අයකිරීමේ සීමාව රුපියල් 750000 දක්වා ඉහළට 
දුෂ්කර ප්‍රදේශ සඳහා ආදායම් බදු සහන 
විදෙස් ගත වන්නන් ගෙනයන මුදලින් 20% බද්දක් 
මන්දිර බදු - මිලියන 100 ක් හෝ ඊට අධික වටිනාකමක් වැඩි වටිනාකමක් ඇති නිවාස වලින් වර්ෂයකට රුපියල් මිලියනයක බද්දක් 
ගෑස් මිල - අද මධ්‍යම රාත්‍රීයේ සිට 12.5kg සිලින්ඩරය  රුපියල් 1596 දක්වා  රුපියල් 300න් අඩු කෙරේ
ලක්ෂ 2ට අඩු රන් භාණ්ඩ උකස් පොළිය කපා හැරේ
වියළි මිරිස් කිලෝව රුපියල් 25 කින් පහලට 
කහ කිලෝව රුපියල් 100 කින් පහලට 
උම්බලකඩ කිලෝව රුපියල් 200 කින් පහලට 
උඳු කිලෝව 60 කින් පහලට 
කොත්තමල්ලි කිලෝව රුපියල් 26 කින් අඩුවනු ඇත 
හාල්මැස්සෝ කිලෝව රුපියල් 15 කින් අඩුවනු ඇත 
ටින් මාළු බද්ද කිලෝවකින් 52 ක් අඩු කෙරේ . ඒ අනුව නව මිල රුපියල් 60 කින් අඩුවනු ඇත 
මුං ඇට කිලෝවක් රුපියල් 30 කින් අඩුවේ
පාන් මිල රුපියල් 6 කින් අඩුවනු ඇත 
පාන් පිටි කිලෝවක් 12.50 කින් අඩුවේ. එයට සමගාමිවීව පාන් මිලද අඩු වනු ඇත 
සස්ටජන් කිරිපිටි මිල - තීරු බදු 15% කපා හැරේ. ඒ අනුව සස්ටජන් ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100 කින් මිල අඩුවනු ඇත 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com