News

‍සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය හිමිවෙයි

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය නැවත හිමිව ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

""හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට ප්‍රජා අයිතිය නැවත හිමිව ඇති බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පෙන්වාදෙයි.

දේශපාලන ආරංචිමාර්ග පෙන්වාදෙන්නේ යුද අධිකරණයෙන් වරදකරුවෙකුවීම මත යුද හමුදා නිල නාමයන්, පදක්කම් මෙන්ම විශ්‍රාම වැටුප් ඇතුළු අයිතිවාසිකම්ද අහිමිව සිටි ෆොන්සේකා මහතාට මේ වන විට අහිමිවූ සියලු නිල නාම පදක්කම් ඇතුළු අයිතිවාසිකම් හිමිව ඇති බවයි.
 
2009 වසරේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසන් කිරීමේදී ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා වශයෙන් කටයුතු කරමින් අනගි දායකත්වයක් ලබාදුන් අතර පසුව 2010 වසරේදී පැවති ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වශයෙන් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්වී පරාජයට පත්විය.
 
අනතුරුව එම වසරේදීම පැවති මහා මැතිවරණයෙන් ජයග්‍රහණයකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරීපත්වූ අතර පසුව යුද අධිකරණයෙන් වැරදිකරුවී සිරගතවීමත් සමග ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසිවිය.
 
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com