News

දූෂණ විරෝධී කමිටුවක්

පසුගිය සමයන්හීදී සිදුවූ බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා සෙවීම සඳහා දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීමට රජය තීරණයකොට ඇත.

""පසුගිය සමයන්හීදී සිදුවූ බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා සෙවීම සඳහා දූෂණ විරෝධී කමිටුවක් පිහිටුවීමට රජය තීරණයකොට ඇත.

සාමාජිකයින් 11 දෙනෙකුගෙන් සමන්විත එම දූෂණ විරෝධී කමිටුවෙහි ප්‍රධානත්වය අගමැතිවරයා විසින් හොබවන අතර අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය පාඨලී චම්පික රණවක, අමාත්‍ය රවුෆ් හකීම්, දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක, එම්.ඒ සුමන්තිරන් යන මන්ත්‍රීවරුන්ද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නායක සරත් ෆොන්සේකා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, නීතීඥ ජේ.සී වැලිඅමුණ හා මලික් සමරවික්‍රම යන මහත්වරුන් එම කමිටුවෙහි අනෙකුත් සාමාජිකයෝ වෙති.
 
එම කමිටුවේ උපදෙස්‌ පරිදි ක්‍රියාත්මක වන ක්‍ෂණික ප්‍රතිචාර කමිටුවක්‌ද පත්කර ඇති අතර ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා එහි සම්බන්ධීකාරක වශයෙන් කටයුතු කරයි. රාජ්‍ය නිලධාරීන්, පොලිස්‌ නිලධාරීන්, නීතිඥවරුන්, මූල්‍ය හා විගණන විශේෂඥයන් සහ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අයත්ය.
 
එමෙන්ම දූෂණ මර්දනය සඳහා දැනට පවතින නීතිමය රාමුව පිළිබඳවත් පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අවස්‌ථා සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා විශේෂ පනතක්‌ හඳුන්වා දීමටද එම කමිටුව විසින් අවධානය යොමුකර ඇති බවයි වාර්තාවන්නේ.
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com