තමා යළි එජාපයට එක්‌වීම වැළැක්‌වීමට රුපියල් මිලියන 100 ක් දෙන්න ආණ්‌ඩුව සූදානම් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති නවීන් දිසානායක මහතා
නවීන්ට මිලියන 100ක් දෙන්නම් කීවේ කවුද?
පරීක්‍ෂණයක් පවත්වන ලෙස ජනපති පොලිසියට කියයි
තමා යළි එජාපයට එක්‌වීම වැළැක්‌වීමට රුපියල් මිලියන 100 ක් දෙන්න ආණ්‌ඩුව සූදානම් වූ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඇමැති නවීන් දිසානායක මහතා කරන චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොලිසියට නියෝග කර තිබේ.
මුදල් ලබාදීමට සූදානම් වූ පුද්ගලයා කවුරුන්ද යන්න මෙන්ම එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව ඔහුගෙන් කටඋත්තරයක් ලබාගන්නා ලෙස ජනාධිපතිවරයා පොලිසියට උපදෙස් දී තිබේ.
තමන් යළි එජාපයට එක්‌වීම නතර කිරීමට ආණ්‌ඩුව රුපියල් මිලියන 100 ක් දීමට ඉදිරිපත් වූ බවට නවීන් දිසානායක මහතා පසුගිය 2 වැනිදා පොදු අපේක්‍ෂකයාගේ මාධ්‍ය හමුවට එක්‌වෙමින් ප්‍රකාශ කර තිබිණි.
මේ පිළිබඳව අවධානය යොමුකර ඇති ජනාධිපතිවරයා මන්ත්‍රීවරයාගෙන් කටඋත්තරයක් ලබාගන්නා ලෙස පොලිසියට දැනුම් දී තිබේ.

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)
Design by Vishmitha.com