News

ලැබී ඇති අනගි අවස්ථාව පැහැරහරින්න එපා - පැෆ්රල් සංවිධානය මන්ත්‍රීවරුන්ගෙන්/වරියන්ට කියයි

19 වන ව්‍යවස්ථ සංශෝධනය සම්මත කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි සාධනීය වෙනසක් ඇතිකිරීමට ඇති මහඟු අවස්ථාව පැහැර නොහරින ලෙස පැෆ්රල් සංවිධානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්

""19 වන ව්‍යවස්ථ සංශෝධනය සම්මත කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි සාධනීය වෙනසක් ඇතිකිරීමට ඇති මහඟු අවස්ථාව පැහැර නොහරින ලෙස පැෆ්රල් සංවිධානය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් හා මන්ත්‍රීවරියන්ගෙන් ඉල්ලා සිටියි. 

පැෆ්රල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගේ අත්සනින් යුත් නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානය ඉල්ලා ඇත්තේ මෙවැනි ඓතිහාසික අවස්ථාවක කොටස්කරුවන්වීමට හැකිවීම වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් ලද භාග්‍යයක් බවයි. 
 
එමෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපතිවරයාගේත් වත්මන් ජනාධිපතිවරයාගේත් ප්‍රතිපත්ති ප්‍රකාශනයන්හි පැහැදිලිවම 19 වන සංශෝධන යෝජනාවලියෙහි ඇතුළත් කරුණු ඇතුළත්ව තිබූ බවත් ඒ අනුව මහජන කැමැත්තට අනුව යමින් මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් සියලුදෙනා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමට සහයෝගය ලබාදෙනු ඇති බවට විශ්වාස කරන බවයි පැෆ්රල් නිවේදනයෙහි දක්වා ඇත්තේ.
 
 

Related News

Image

Become A Member

Become A Volunteer
Get Involved

Quick links

Image
PAFFREL was established in 1987 by representatives of several national-level civil society organizations.

Address

No.16, Byrde Place,Off Pamankada Rd,
Colombo 06, Sri Lanka

© 2024 People’s Action for Free and Fair Elections (Paffrel)

Design by Vishmitha.com